ඕස්ට්‍රේලියාවේ රැකවරණ සෙවූ ලාංකිකයෝ හා ඇෆ්ගනිස්තානුවෝ නත්තල් දූපතේ ගුටි ඇන ගනිති



(2009 නොවැම්බර් 23 - W3Lanka) මුහුදෙන් ඕස්ට්‍රේලියාවට යන්නට තැත් කරද්දී අත්අඩංගුවට පත් වූ පුද්ගලයන් රැකවරණ ඉල්ලීම් විභාග කරන තුරු රඳවා තබන එරට උතුරුදිගට වන්නට පිහිටි නත්තල් දූපතේ රඳවා සිටින ලාංකිකයන් පිරිසක් හා ඇෆ්ගනිස්තානුවන් පිරිසක් අතර අද කෝලාහලයක් ඇති වී තිබේ. 

පොලු මුගුරුවලින් ගුටි ඇණ ගත් 150ක් පමණ පිරිස අතරින් 40ක් පමණ තුවාල ලබා ඇති බව බීබීසී පවසයි. තිදෙනෙක් අස්ථි බිඳීම්වලට ප්‍රතිකාර ලබා දීම සඳහා ගුවන් මගින් කිලෝ මීටර් 2600ක් ඈතින් පිහිටි පර්ත් වෙත රැගෙන විත් තිබේ.(මොවුන් ලාංකිකයන් නම් ඔවුන් එම අවස්ථාව ගල් වීම සඳහා දක්ෂ‍ ලෙස පාවිච්චි කරනවා ඇත.) 



ඇතැම් ලාංකිකයන් අව්‍යාජ රැකවරණ ඉල්ලන්නන් නො වන නිසා ඔවුන් ආපසු ලංකාවට එවූ බැවින් ලාංකිකයන් අතර ආතතියක් තිබූ බව ඕස්ට්‍රේලියානු සංක්‍රමණ ඇමති ක්‍රිස් එවන්ස් පවසයි. 

මෙම දූපතේ දැනට 100කට අධික රැඳවියන් පිරිසක් සිටිති. එ‍හි 200කට පහසුකම් සලසන්නට පසුගියදා එරට රජය තීරණය කර තිබේ.




Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා