ෆොන්සේකා ජවිපෙට බූට් එක දෙයි ද?


(2009 නොවැම්බර් 23 - W3Lanka) ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ පොදු අපේක්ෂකයා බවට පත් වීමට සිටින හිටපු හමුදාපති සරත් ෆොන්සේකා තමන්ට වඩා එක්සත් ජාතික පෙරමුණ කෙරෙහි බර තබා කටයුතු කිරීම හේතුවෙන් ජවිපෙ නායකත්වය අසහනයට පත් වී ඇති බව වාර්තා වේ. 

සරත් ෆොන්සේකා මේ වන විට රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ හා එම පක්ෂයේ නායකත්වයෙන් බිහි වූ එක්සත් ජාතික පෙරමුණේ ආශිර්වාදය ලබාගෙන ඇති අතර ඔහු අලියා ලකුණෙන් තරග කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ පිරිස් පවසන බව ද වාර්තා වේ. 

මෙයට ජවිපෙ විරුද්ධ ය. පොදු අපේක්ෂකයා ජවිපෙ හෝ එජාප නො වන පක්ෂයකින් ඉදිරිපත් විය යුතු බව කීව ද ජවිපෙට සැබැවින් ම උවමනා කර තිබී ඇත්තේ සිය පක්ෂයේ ම පිරිසක් විසින් කඩිමුඩියේ අටවා ගන්නා ලද වෙනත් පක්ෂයක් හරහා සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමටයි.



ජවිපෙ දැන් අල්ලපු අත්තත්, පය ගහපු අත්තත් දෙක ම නැති වන තත්වයකට පත් වී ඇති බව ද, එහෙත්, ඕනෑම තත්වයකට යටත් වී මහ මැතිවරණයකින් තම පක්ෂයට අත් විය හැකි දරුණු පරාජය වළක්වා ගැනීම සඳහා පියවර ගත යුතු බව ද ජවිපෙ නායකයන් සාකච්ඡා කරන බව ආරංචි මාර්ග පවසයි.

Comments

  1. ජවිපෙ යනු ශ්‍රී ලාංකික දේශපාලනයේ ගණිකාවය. ඇය සමග යහන් ගතවීමට බොහෝ අය ඇතිමුත් වැර්දුනු තැන බාර ගැනීමට කිසිවෙකු නොමැත.

    මට මතක හැටියට ඔය කතාව කිව්වෙ වාසුදේව.

    මම නම් කියන්නේ ජ.වි.පෙ. යනු කලින් කලට ජනප්‍රිය වන දේශපාලකයන්ගේ සෙල්ලම් බඩුවක් බවය. එකෙක් සෙල්ලම් කර එපා උන විට විසි කර දමයි. ඉන්පසු තවකෙක් රැගෙන සෙල්ලම් කර නැවතත් විසි කර දමයි. ඕක තමයි ජ.වි.පෙ ජීවන චක්‍රය.

    මේ පාර තමයි ජ.වි.පෙ හොදටම මට්ටු වෙන්නේ

    ReplyDelete
  2. @ ජයශ්‍රී . . niyama comment eka .. ela ela

    ReplyDelete
  3. JVP එක පිළිබඳව හුගාක් විවෙචන තියෙනවා. මම නම් හිතන්නෙ පන්සල්වලින් බත් කාලා පෝෂණය උනාට මෙ හාදයින්ට පන්සලේ බණ පොත් ටික කවදාවත් කියවන්ට හම්බවෙලා නැහැ. විශේෂයෙන් මෙක හදපු නායකයින්ට කර්මය සහ කර්ම ඵලය ගැනවත් කියා දෙන්ට කාලෙ හරි. මොකද මෙකෙ නායකයොයි කියාගන්න අවස්ථාවාදියො ටික තමන්ගෙ මඩිය තර කරගැනීමට පහළ සමාජිකයින්ව කඩෙ ඇරලා මෙදා පාර කරගන්න විනාසෙට මුලින්ම ගොදුරු වෙන්නෙ වෙනදා වගේ පහළ සාමාජිකයින් නෙවෙයි. ඉහළම ඉන්න උන්දැල ටිකයි.

    ReplyDelete
  4. hina yanawa.JVP kiyanne passen enna sidda wena thenata hemomawama path karapu pakshayak.den penawa pradhana paksha passen ena heti.JVP 1 wetila wetila kiyala UNP and SLFP kegehuwama me rate inna gembo e widiyata baka baka ganna gannawa.samajawadi pakshayak wattanna palana balaya ahimi karawimen beri bawa study kalot terei.
    me comment kaarayo tika pakshe gena danne monada?eliye idala beluwata ethula penne ne modayine.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා