පේරාදෙනි සිසු මැරවරකම හා පරිසර ඇමතිගේ ශිෂ්‍ය දේශපාලන විග්‍රහය සටහනට ලැබුණු ප්‍රතිචාරයක්


(2009 නොවැම්බර් 02 - W3Lanka) අපගේ ඉහත සඳහන් කළ පේරාදෙනි සිසු මැරවරකම හා පරිසර ඇමතිගේ ශිෂ්‍ය දේශපාලන විග්‍රහය ලිපියට ප්‍රතිචාරයක් ලෙස සහෝදර බ්ලොග්කරුවකු විසින් තබා තිබුණ මෙම සටහන එහි ව්‍යක්තභාවය හේතුවෙන් යළි පළ කරන්නෙමු.

ලංකාවේ අනෙක් සෑම ආයතනයකම වාගේ ශිෂ්‍ය ව්‍යාපාරය තුළ ද ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. දහස් ගණන් දෙමළ මිනිස්සුන්ගෙ ඔළු ගෙඩි වලට ඉහළින් බෝම්බ අතහරිමින් සාමය බලාපොරුත්තු වූ සමාජයක එවැන්නක් ගැන හිතන්නවත් සදාචාරමය අයිතියකුත් නැහැ.

එහෙත් ජෙප්පන් සමග ඇති තරහ පිරිමහ ගන්න මුළු ශිෂ්‍ය ව්‍යාපාරයම අවතක්සේරු කිරීම නම් මට ඉවසන්න බැහැ. මොකද පේරාදෙනියෙ විශ්ව විද්‍යාලයට ඔය කියන ජාතියේ සුන්දරත්වය විදින්න එන අය නිසා ලොකු හානියක් වෙලා තියෙනව. ඉදිරියටත් වෙනවා. මෙම ලිපියේ සදහන් වන පරිදි මෙසේ විනෝද චාරිකා වල එන්නන් ඔය කියන ඉතා අහිංසක හැසිරීම් ඇත්තන් නම් කිසිම ගැටළුවක් නැහැ. නමුත් යථාර්ථය ඊට වෙනස්. රටේ මහජනතාවට තමන්ගේ මුදලින් නඩත්තු වන විශ්ව විද්‍යාලයේ, සුන්දරත්වය විඳිමින් දහවල් ආහාර ගැනීමට ඉඩ දීම නිසා අතීතය පුරා සිදුවූ විනාශ අපමණයි. පේරාදෙනිය ගැන දන්නා වුන්ට මේවා කීම අනවශ්‍ය වුවත් නොදන්නා අය මේවා දැන ගත යුතුයි.

1. ප්‍රසිද්ධ දේශපාලකයෙක් පරිපාලන නිලධාරිනියක් සමග රතී සුව විදීමට කැම්පස් සුන්දරත්වය තෝරා ගැනීම නිසා වරක් විශාල විනාශයක් සිදුවීම,

2.ඒ අන්දමින් රතී සුව විදීමට ආ කාන්තාව, පිරිමියා විසින් මරා දැමීම හා එය ශිෂ්‍යයන් පිට පැටවීමට මාධ්‍ය කටයුතු කිරීම නිසා ශිෂ්‍යයන් අපකීර්තියට පත්වීම,

3.නොහදුනන කාන්තා මළ සිරුරක් විශ්ව විද්‍යාල භූමියෙන් සොයා ගැනීම හා එයද පෙර පරිදි ශිෂ්‍යන්ගේ ගිණුමට බැරවීම නිසා ශිෂ්‍යයන් අපකීර්තියට පත්වීම,

4. පෙම් සුව හා රතී සුව විදීමට අවශ්‍ය පිටස්තර තරුණ තරුණියන්ට සරසවි භූමිය ක්ෂේම භූමියක් වන අන්දමේ සංස්කෘතියක් බිහිවී තිබීම හා එය ගලහ හංදියේ ත්‍රී රෝද රථ රියදුරන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වීම. ඒ ආශ්‍රිතව විශාල සමාජ හා විනය ගැටලු පැන නැගීම.

5. අවසානයේ සරසවි භූමිය සියලු පිටස්තරයන්ගේ කෝළම් මඩුවක් වීම.

පේරාදෙනියෙ ඔය ගැටළු පැන නගින්නෙම ආරක්ෂක අංශයේ දුර්වලතා නිසයි. පිටස්තර මිනිස්සුන්ට විශ්ව විද්‍යාලය ඇතුළටම එන්න දීම වැරුද්දක් නොවේද?

අනෙක් සෑම රාජ්‍ය ආයතනයකටම යද්දී කිරි පල්ල මිරිකා බලන රටක පේරාදෙනිය සරසවියට විතරක් ඇයි ඒක අදාළ නැත්තෙ? මහජනතාවගේ මුදලින් නඩත්තු වූ පළියට කිසිම විනයක් නැතිව අහු මුළු වල රිංගන්න දීම වල් බූරු නිදහසක් නොවේ ද?

රාජ්‍යයේ ආරක්ෂක භටයන්ගේ ආරක්ෂාව තුළ පේරාදෙනිය කැම්පස් එක පැවැතිය යුතු යැයි මේ ලියුම්කරු මොහොතකටවත් නොසිතයි. විශ්ව විද්‍යාලයේ බුද්ධිමතුන් දැන් නොමැතිවීම කෙසේ වුවත් එහි ආරක්ෂාව තහවුරු කළ ගැනීමට බුද්ධිමතුන්ට ආවේනික ක්‍රමවේදයක් සකසා ගැනීම අනිවාර්ය කාරණාවක්.

නැතිනම් මෙවැනි සිදුවීම් ඉදිරියටත් වෙන එක සහතිකයි.

මේ කිසිම කතාවකින් හැඟවෙන්නේ නැහැ සරසවි සිසුන් සදාචාරවාදී අහිංසකයන් බව. ඔවුන් පවා මේ දේවල් යහමින් කරනවා. ඒ නිසා මේ දේවල් ගැන කතා කළ යුත්තේ කුහකව නොවේ. නමුත් යම් කිසි සමාජයක සාමාජිකයන්ට ඒ සමාජයේ පැවැත්ම වෙනුවෙන් කටයුතු කිරීමට සිදුවීම සාමාන්‍ය දෙයක්. විශේෂයෙන් ආයතනගත විනය ආරක්ෂකයන්ගෙන් තම වගකීම ඉටු නොවන විට ඒ අවශ්‍යතාවන් වෙනුවෙන් සමාජයේ සාමාජිකයන්ම මැදිහත්වීම ස්වාභාවිකයි. සම්මත රාමුව තුළ එය නීතිය අතට ගැනීමක් ලෙස අර්ථ දැක්විය හැකියි. එහෙත් නීතිය හා නීතියේ ආරක්ෂකයන් ක්‍රියාත්මක නොවන අවස්ථාවක සාමාජය නීතිය අතට ගැනීම වැළැක්විය නොහැක්කේ නීතියට වඩා ඉහළින් මහජන මතය තිබිය යුතු නිසයි. එය ධනපති නීතිය ද පිළිගන්නා කරුණක්.

කොහොම වුනත් පේරාදෙනි සරසවි භූමියේ දී සිදු වී ඇත්තේ විය යුතු හොඳම දේ නොවේ. එහෙත් එය විය යුත්තක්.

ප්‍රජාතන්ත්‍රවාදය ගැන චම්පික රණවකගෙන් ටීයුෂන් ගැනීම වඳුරන්ගෙන් බණ ඇසීමකට වඩා දෙයක් නොවන බවත් මේ අවස්ථාවේ පැවැසිය යුත්තක්.

ශාන් - බුමුතුරුණු

Comments

  1. මෙම ප්‍රතිචාරයෙහි අංක සදහන් කරමින් ගොනු කර ඇති කරුණු සදහන් කිරීමේ දී වැරුදි අවබෝධයක් එන පරිදි සදහන් වී තිබේ. එය මෙසේ නිවැරුදි කරමි.

    අංක 01 හා 02 අතර කිසිම සම්බන්ධයක් නැත. ඒ වා එකිනෙකට වෙනස් සිද්ධින් දෙකකි.

    ශාන් - බුමුතුරුණු

    www.bumuthurunu.wordpress.com

    ReplyDelete
  2. the posts which were published by us were removed by the blogger.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප