දුටුගැමුණු දැන් කථානායකට කතා කරන්නේ අත්පුඩි ගහලා


(2009 නොවැම්බර් 18 - W3Lanka) ඊයේ පාර්ලිමේන්තු රැස්වීම අතරතුර සුපුරුදු ලෙස විපක්ෂ මන්ත්‍රීවරුන්ට බාධා කිරීමේ කාර්යයේ නියැලී සිටි කම්කරු ඇමති 'ආචාර්ය' මර්වින් සිල්වා කතානායකවරයාගේ අවධානය යොමු කර ගැනීම සඳහා ඔහුට කතා කර ඇත්තේ අත්පුඩි දෙකක් ගසමිනි.


යමෙකුට අත්පුඩි ගසා කතා කිරීම විනීත ක්‍රියාවක් නො වන බව හා රටේ ව්‍යවස්ථාදායක සභාවේ මුලසුන හොබවන කතා නියකවරයාට එසේ කතා කිරීම කිසි සේත් ම යෝග්‍ය නො වන බව පාර්ලිමේන්තුව බලන්නට එන බාලාංශ පන්තියක ළමයකු පවා දන්නා කරුණකි. 

විපක්ෂ මන්ත්‍රීවරයකු මෙම අවිනීත ක්‍රියාව පෙන්වා දුන් විට මර්වින් සිල්වා ඇමතිවරයා කියා ඇත්තේ තමන්ට ඕනෑ නම් විසිල් ගසා කතා වුව ද කතා කරන බවයි. විසිල් ගසා වෙනත් කෙනෙකු අමතන්නේ රස්තියාදුකාරයන් බව මේ පිළිබඳ W3Lankaට අදහස් දැක්වූ ළදරු පාසල් සිසුවෙක් පැවසීය.


ලංකාවේ ජනතාව මෙතැනට පත් කර යවන අයගේ හැටියට මේ පිළිබඳ පුදුම විය යුතු නැති බව අපේ අදහසයි.

Comments

  1. ලංකාවේ මහජන ඡන්දයෙන් පත් වූවෙක් නොවේ, "ගරු ආචාර්ය" (පිනට ලැබුණ) මවින් සිල්වා දැන් ඇමතිවරයා. ජනපති මහින්දගේ අනුග්‍රහයෙන් පැමිණි, පුද්ගලයකි. එවැන්නන් මෙසේ, උත්තරීතර ස්ථානයන්ට පත් කරන්නගේ තත්ත්වය අප තේරුම් ගර ගත යුතු ය. මොවුන් වැන්නන්ට දඬුවම් කරනු වෙන්වට කිරිපොවා සුරතල් කිරීමෙන් පෙනෙන්නේ ජනපතිගේ බිය හා බලලෝභිත්වය මිස වෙන කුමක් ද?

    ReplyDelete
  2. මා අසා ඇති පරිදි ජනපතිගේ රහස් සියල්ල දන්නා දෙදෙනෙක් සිටියාලු.එක්කෙනෙක් ජෙයරාජ් ඇමතිතුමාලු.දැන් එතුමා නැත.ඉතිරි ව ඉන්නා අනෙකා මර්වින්ලු.ඉතින් එයාට කිරි පෙව්වෙ නැත්නම් ජනාධිපතිතුමාගෙ ඔක්කොම කැරැට්ටුව එළි වෙන්න ඉඩ තියෙනවලු.

    ReplyDelete
  3. ලංකාවෙ ජනතාව මෙයාට ඡන්ද 2000ක් වත් දුන්නෙ නෑ. චන්ද්‍රිකා මෙයාව පාර්ලිමේන්තුවට අරං ආවේ ආචාර්යතුමා සහ පාතාලය සමග තියන සම්බන්ධය චන්ද්‍රිකාට වැදගත් හින්දා. පාතාලය තමන්ගෙ අතේ තියාගන්න එක අද පාලකයන්ට අත්‍යවශ්‍ය නිසා පත්වෙන හැම ජනාධිපතිකෙනෙක්ම මෙයාට බයයි.

    ReplyDelete
  4. මේකට තමයී කියන්නේ කනයා ප්‍රතිපත්තිය කියලා. ලූලන් ඉවත් කොරන්න පුලුවන් එක ක්‍රමයක් තමයී, කනයක් බෝ කිරීම. ප්‍රේමදාස මහත්තැන් වටේ උන්නු කනයෝ, උන්දැව තෙම්පරාදු කොරා පනපිටින්. ඒ පාඩම ඉගන ගත්තු අනෙකුත් නායකයෝ, තම තමනට හැකි පමනින්, කනයන්වම වට කරගත්තා. ඒක පහසුයී. පරිස්සම් සහ ලාබයී.

    ReplyDelete
  5. කතානායකගෙයි කුඩු ගැමුණුගෙයි ලොකු වෙනසක් නෑ මචං.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා