රජයේ සේවක ජීවන වියදම් දීමනාව වැඩි කිරීම ප්‍රෝඩාවක්

(2009 නොවැම්බර් 20 - W3Lanka) මාස හයෙන් හය ජීවන වියදම් දීමනාව ගණනය කරන රජයේ ක්‍රමවේදය අනුව මේ වන විට රජයේ සේවකයන්ගේ ජීවන වියදම් දීමනාව රු. 3150කින් වැඩි විය යුතු බව ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් ප්‍රනාන්දු පෙන්වා දෙයි. 


ඔහු පවසන්නේ රජයේ සේවකයන්ගේ ජීවන වියදම් දීමනාව රු. 750කින් වැඩි කිරීම ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන කරන ප්‍රෝඩාවක් බවයි.



එසේම, වසර ගණනාවක සිට ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට හා අදාළ හිඟ වැටුප් ලබා දීමට රජය වෙන් ක ඇත්තේ රු. කෝටි 40ක් පමණක් බව ද, ඒ අනුව දෙලක්ෂයකට වඩා සිටින ගුරුවරුන්ට රු. 2000කවත් හිඟ වැටුප් ලබා දීමට නො හැකි බව ද ඔහු පෙන්වා දෙයි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා