සුද්දාගේ පොදු රාජ්‍ය මණ්ඩල ගෙට් ටුගෙදර් එක ලංකාවේ තියන්න ගොස් ලංකාව පස්ස බිම ඇණ ගනියි ද?


(2009 නොවැම්බර් 27 - W3Lanka) බ්‍රිතාන්‍යයේ පැරණි යටත් විජිත ව සිටි රාජ්‍ය 53ක සහභාගිත්වයෙන් අද දින බටහිර ඉන්දීය දූපත් රාජ්‍යයක් වන ට්‍රිනිඩෑඩ්හිදී ආරම්භ වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේදී 2011දී පැවැත්වෙන මීළඟ සමුළුව ලංකාවේදී පවත්වන ලෙස එයට සහභාගි වන අගමැති රත්නසිරි වික්‍රමනායක ඉල්ලා සිටීමට නියමිත බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පවසයි. 



එහෙත් පොදු රාජ්‍ය මණ්ඩලයේ තීරක බලවේගයක් වන පැරණි යටත් විජිත හාම්පුතා වන බ්‍රිතාන්‍යය ලංකාවේ මෙම යෝජනාවට එක හෙළා විරුද්ධ වීමට යන බව ජාත්‍යන්තර ජනමාධ්‍ය අද වාර්තා කළේය. හේතුව යුද්ධයේ අවසන් අදියරේදී ලංකාවේ ආණ්ඩුවේ ක්‍රියාකලාපයෙන් සිවිල් වැසියන්ට සිදු වූ හානි ය. 


යම් රටක මෙම සමුළුව පැවැත්වීම ඒ රටට ජාත්‍යන්තර දේශපාලනයේදී 'නම්බුවකි'. ලංකාවේ බටහිර විරෝධී, දේශප්‍රේමී, ජාතිකවාදී පාලකයෝ හා ඔවුන් නියෝජනය කරන වීරයකු වන අගමැති රත්නසිරි වික්‍රමනායකට ද මේ යටත් විජිත හාම්පුතා පවත්වන ගෙට් ටුගෙදර් එක හෙවත් සුහද හමුව ආඩම්බරයක් වී ඇති බව පෙනේ. එහෙත් දැන් බලන විට සිදු වන්නට යන්නේ වෙන අලකලංචියකි.

ලංකාවේ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව පැවැත්වීමට නම් බ්‍රිතාන්‍යය පොදු රාජ්‍ය මණ්ඩලයෙන් පන්නන්නට සිදු වනු ඇත. මෙය සමාන වනු ඇත්තේ සූර්යයා නැති සෞරග්‍රහ මණ්ඩලයට හෝ ගමේ ගොඩේ කියන පරිදි මනමාලයා නැති මඟුල් ගෙදරටයි. 


Comments

  1. හොඳ විග්‍රහයක්.

    ReplyDelete
  2. අහා, අපේ අගමැති තුමාත් , පස්ස හෝදන්න දන්නෙ නැති සුද්දෝ එක්ක එකට සමුළුවෙ වාඩි වෙලාද.

    ReplyDelete
  3. රත්නසිරි හිතන්න ඇති මේකත් පොකුණුවිට නාගස් හංදිය වගේ ඕනැ ගොං කතාවක් කිය හැකි තැනක් කියලා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා