චොක්සි හැරෙන්නෙත් පොල් පැළේ කන්නද?


(2009 නොවැම්බර් 06 - W3Lanka) වත්මන් රජය අයවැය ඉදිරිපත් නො කර ලබන වසරේ ඉදිරි මාස හතරක කාලය සඳහා මුදල් පරිහරණයට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී සාධාරණ ක්‍රියාවක් බව හා අතුරු සම්මත ගිණුම පිළිබඳව විවෘත සංවාද කිරීමට පාර්ලිමේන්තුවේ ඉඩ ඇති බව කියන  එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හා එම පක්ෂයේ නීති උපදේශක ජනාධිපති නීතිඥ කේ. එන්. චොක්සි අලුතින් පත් වන රජයකට ඔවුන්ගේ ආදායම් උපයා ගැනීම, මුල්‍ය ආයෝජනය හා ආර්ථික සංවර්ධන සකසා ගැනීමට ඉඩ ලබා දීම කාලෝචිත බවද කියා තිබේ.


එහෙත්, ඔහු පාර්ලිමේන්තුවේ කළ හැකි මේ 'විවෘත සංවාදය' මගහැර ගොස් ඇත. එපමණක් නොව රජයේ මෙම 'ප්‍රජාතන්ත්‍රවාදී සාධාරණ ක්‍රියාවට' පක්ෂව ඡන්දය දුන්නේ ද නැත. ඔහු සිය පක්ෂය සමග එක්ව එකී 'ප්‍රජාතන්ත්‍රවාදී සාධාරණ ක්‍රියාවට'ට එරෙහිව ඡන්දය දුන්නේ ය.


මාධ්යවයට විශේෂ ප්‍රකාශයක් කරන චොක්සි මේ රටේ බිහි වූ විධායක ජනාධිපතිවරු තනතුරෙහි බලතල යොදා ගනිමින් රටට වැඩදායි කාර්යයන් රැසක් සිදු කළ බව ද එහෙයින් විධායක ජනාධිපති ධුරය කලබලයේ අහෝසි කළ යුතු තනතුරක් නොවන බව ද අවධාරණය කරයි.

Comments

  1. චොක්සි,නහින දෙහින කාලයට මොක කරාම මොකද,මතකද චන්ද්‍රිකා චොක්සිගේ කට අභිරූපණ කරලා පෙන්නුවා,මිනිහාට දුක ඇති මචං,දුකේ උපරිමය ගන්න දැන් ඉතිං ඇත්තේ ම.චින්තනයට ආවැඩිම විතරයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප