අදහස් දැරීමේ සහ ප්‍රකාශ කිරීමේ නිදහස සඳහා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ගේ විශේෂ මැදිහත්කරුට ලංකාව වීසා ලබා දීම මග හරියි


(2009 නොවැම්බර් 14 - W3Lankaලංකාවට පැමිණීම සඳහා අවසර ඉල්ලා ඇති අදහස් දැරීමේ සහ ප්‍රකාශ කිරීමේ නිදහස සඳහා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ගේ විශේෂ මැදිහත්කරු ෆ්‍රෑන්ක් ලා රූට ලංකාව වීසා ලබා දීම මගහැර ඇති බව වාර්තා වේ. 

මෙම නිලධාියාගේ ඉල්ලීම කෙළින් ම ප්‍රතික්ෂේප කර නැති ලංකාව ඔහුට සාධනීය ප්‍රතිචාරයක් නො දක්වා මග හැර ඇති බව බී.බී.සී. වාර්තාවක් අනුව පෙනී යයි. 

ජනමාධ්‍ය මර්දනය පිළිබඳ රජයට මෙන් ම කොටි සංවිධානයට ද චෝදනා එල්ල වී තිබෙන අතර, 2006 ජනවාරි සිට අඩු වශයෙන් මාධ්‍යවේදීන් නවදෙනෙකු මරා දමා ඇති බව රජය පසුගියදා පැවසීය. 


ලංකාවේ මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින විදෙස්ගත මාධ්‍යවේදීන්ගේ සංවිධානයක් මාස කීපයකට පෙර පැවසුවේ ජීවිත තර්ජන හේතුවෙන් මේ වන විට මාධ්‍යවේදීන් 50කට වඩා රටින් පිට වී ඇති බවයි.


Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා