දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීන් නිදහස්

(2009 නොවැම්බර් 04 - W3Lanka) සටන් විරාම සමයේදී දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය විසින් සංවිධානය කළ බව කියන ඕස්ට්‍රේලියාවේ සහ යුරෝපයේ පැවති පොංගු තමිල් නම් දෙමළ සංස්කෘතික උත්සවවලදී කතා පැවැත්වූ බවට චෝදනා ලද දෙමළ මන්ත්‍රීන් පිරිසක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ නිදහස් කරන ලදී. 

මෙසේ ත්‍රස්ත මර්දන නීති යටතේ චෝදනා ලැබ සිටියේ එස්. ගජේන්ද්‍රන්, පී. අරියනේත්‍රන්, කේත සිවාජිලිංගම් සහ එස්. ජෙයනන්දමූර්ති යන දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු ය.



ඔවුන්ට එරෙහිව සාක්ෂි නැති බව පොලිසිය පැවසීය. 

මෙම උත්සවවලදී වත්මන් රජයේ ඇමති තනතුරු දරන අය පවා කතා පවත්වා ඇති බව ද එහෙත් නඩු පවරා ඇත්තේ මේ පිරිසට පමණක් බව පෙන්වා දුන් බව මන්ත්‍රීවරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කේ.වී. තවරාසා බීබීසීයට පැවසීය.

Comments

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප