ලංකාවේ විනිසුරුවරු නිසා ෆීජි රට ඕස්ට්‍රේලියා හා නවසීලන්ත තානාපති සබඳතා අත්හරියි
(2009 නොවැම්බර් 05 - W3Lanka) කුමන්ත‍්‍රණයකින් බලයට පැමිණ ෆීජිහි අගමැති ලෙස නම් කරගෙන සිටින ෆ‍්‍රෑන්ක් බයිනිමරමා සිය රටේ අභ්‍යන්තර කටයුතුවලට අත පෙව්වේ ය යන චෝදනාව මත නවසීලන්ත හා ඕස්ටේ‍්‍රලියා තානාපතිවරුන්ට පැය 24ක් ඇතුළත රටින් පිට වන ලෙස අඟහරුවාදා දැනුම් දුන්නේය. චෝදනාව රටේ අභ්‍යන්තර කටයුතුවලට අත පෙවීමයි.
අධිකරණයේ විනිසුරුවරුන් ඉවත් කර ඇති බයිනිමරමා ලංකාවෙන් නව විනිසුරන් ඇණවුම් කර තිබේ. එහෙත් ඔවුන් ෆීජි වෙත යාමට නම් නවසීලන්තය හෝ ඕස්ටේ‍්‍රලියාව හරහා යා යුතුව තිබේ.
මුලින් තනතුරෙන් ඉවත් කරනු ලැබීමෙන් පසුව මැයි මාසයේදී යළි තනතුරට පත් කරනු ලැබූ ෆීජි අග විනිසුරු ඇන්තනි ගේට්ස් ලංකාවේ ඔහු සතු සබඳතා හරහා විනිසුරුවරුන් සත්දෙනෙකු එරටට ගෙන්වා ගැනීමට කටයුතු කළේය. මෙම විනිසුරුවරුන් ඇමතූ ඕස්ටේ‍්‍රලියා තානාපති කාර්යාල නිලධාරියෙක් ඔවුන් එම තනතුරු භාර ගතහොත් ඔවුනට එම රටට ගමන් කිරීම තහනම් විය හැකි බව පවසා ඇත. ෆීජි අගවිනිසුරුවරයා මෙය එරට ස්වෛරීත්වයට අත පෙවීමක් බව පවසයි. මෙම විනිසුරුවරුන්ට එම පත්වීම් ප‍්‍රදානය කර තිබෙන්නේ පෞද්ගලික මටිටමින් වන අතර ලංකාවේ රජය ඔවුන්ට ඒ සඳහා නිවාඩු අනුමත කර තිබේ. ඔවුන්ගෙන් කොටසක් දැනටමත් දකුණු කොරියාව හරහා එරටට ගොස් ඇත. ඕස්ටේ‍්‍රලියාව පසුව ඔවුනට එරට හරහා ගමන් කිරීමට අවසර ලබා දුන්නේය. තවමත් ඔවුන් එම තනතුරු භාරගෙන නැති බැවින් තහනම අදාළ නො වන බව ඕස්ටේ‍්‍රලියාව පවසයි.
1987 සිට හමුදා කුමන්ත‍්‍රණ හතරක් සිදු වූ ෆීජිහි 2006 සිදු වූ කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් එහි නායකයා වූ ෆ‍්‍රෑන්ක් බයිනිමරමා වැරදිකරු බව අධිකරණයක් විසින තීරණය කර දෙදිනක් ගත වන්නටත් පෙර පසුගිය අපේ‍්‍රල් මාසයේදී ජනාධිපතිවරයා විසින් බයිනිමරමා අගමැති ලෙස පත් කරන ලදී.
වහා රටේ අධිකරණය හා රජයේ සේවකයන්ගෙන් බොහෝ දෙනෙක් ඉවත් කළ බයිනිමරමා දැඩි මාධ්‍ය වාරණයක් පැණවීය.
ෆීජි රටේ ප‍්‍රධාන ආධාරකරුවන් සහ වෙළඳ සහායකයන් වන නවසීලන්තය හා ඕස්ටේ‍්‍රලියාව වහා මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා ඇත.
යළි ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිහිටුවීම ස`දහා දෙන ලද කාල වකවානුව තුළ එය නො කිරීම නිසා පොදු රාජ්‍ය මණ්ඩලය පසුගිය සැප්තැම්බරයේදී ෆීජි සාමාජිකත්වය අක්හිටෙව්වේය.
ඕස්ටේ‍්‍රලියාවට ඊසානදිගින් පිහිටි ප‍්‍රධාන දූපත් 322කින් සහ කුඩා දිවයින් 322කින් සැදුම් ලත් ෆීජි දූපත් රාජ්‍යයේ ජනගහණය 850,000ක් පමණ වේ. රන් හා තඹ නිධි, දැව, සමුද්‍ර සම්පත් ඇතුළු ස්වභාවික සම්පතින් ආඪ්‍ය ෆීජි බි‍්‍රතාන්‍යයෙන් නිදහස ලැබුවේ 1970දී ය.

Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.