වෘත්තීය සමිති දැඩි වෙයි; ආණ්ඩුව පොල්ල ගනියි; වලිය ඇදේ

(2009 නොවැම්බර් 16 - W3Lankaසියයට තිස්‌ තුනකින් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින්පසුගිය බදාදා (11) සිට දින තුනක අකුරට වැඩ ව්‍යාපාරයක් ගෙන ගිය තෙල්, විදුලිය, වරාය සහ ජලය යන අංශ හතරෙහි වෘත්තීය සමිති සති අන්තයේ අතිකාල රාජකාරිවලින් ඉවත්ව සිටියහ.


අද යළි රැස් වන වෘත්තීය සමිති දින තුනක අඛණ්‌ඩ වැඩ වර්ජනයකට යැම පිළිබඳ තීරණයක්‌ ගැනීමට නියමිතව ඇතැයි වෘත්තීය සමිති ආරංචි මාර්ග පවසයි. 


විදුලිබල මණ්‌ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ඉදිරි දින කිහිපයේදීත් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයේ නිරතවීමට තීරණය කර ඇතැයි ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් පවසයි. 


මේ අතර, තෙල්, ජල සැපයුම්, වරාය, විදුලිය යන සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙස රජය ප්‍රකාශයට පත් කර ඇත. ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ නිකුත් කළ බව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා කියයි.



Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා