කොකෝස් දූපත අසල මුහුදේ ගිලුණු ඕස්ට්‍රේලියානු රැකවරණ සෙවූ ලාංකිකයෝ


(2009 නොවැම්බර් 04 - W3Lanka) දියුණු රටවල රැකවරණය සොයන ශ‍්‍රී ලාංකිකයන්ගේ අනතුරුදායක මුහුදු ගමන් පිළිබඳ ලෝක අවධානය යොමු වන සිද්ධියක් පසුගියදා  ඕස්ටේ‍්‍රලියාවේ කොකෝස් දූපත ආසන්නයේදී සිදු විය.

ලංකාවේ සිට  ඕස්ටේ‍්‍රලියාව බලා ගමන් කරමින් සිටි සිය ගණනක් ජනයා රැගත් නැව් දෙකක් ඉන්දුනීසියානු රජය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු 39දෙනෙකුගෙන් යුත් ශ‍්‍රී ලාංකික පිරිසක් විසින් ඉන්දුනීසියාව මගහැර කෙළින් ම  ඕස්ටේ‍්‍රලියාව වෙත යන අනතුරුදායක ගමනකට මුල පුරා තිබේ.


එහෙත්,  ඕස්ටේ‍්‍රලියාවට වයඹ දෙසින් පිහිටි එරටට අයත් කොකෝස් දූපත්වලට කිලෝමීටර් 650ක් පමණ ව්‍යඹදිග මුහුදේදී මෙම පිරිස රැගත් යාත‍්‍රාව අනතුරට පත් වී තිබේ. එම යාත‍්‍රාව විසින්  ඕස්ටේ‍්‍රලියානු බලධාරීන් වෙත අනතුරු සංඥා රැසක් නිකුත් කර තිබේ. කොකෝස් දූපත් පිහිටා ඇත්තේ දළ වශයෙන් ලංකාව හා  ඕස්ටේ‍්‍රලියාව අතර මැද හරියේ ය.


තායිවාන ට්‍රෝලර් යාත‍්‍රාවක් මෙම අනතුරු සංඥා ලැබ එහි යන විටත් යාත‍්‍රාව හො`දින් තිබී ඇත. එහි පතුලේ සිදුරකින් වතුර කාන්දු වෙමින් තිබුණු බව කියැවේ. එහෙත් මේ මොහොතේ අනතුරට පත් යාත‍්‍රාව පෙරළී ඇත. ඒ වන විට ඒ ආසන්නයට පැමිණි LNG Pioneer විශාල වෙළඳ නැවක් වන හා ඉහත කී ට්‍රෝලරය අනතුරට පත් වූවන් සොයමින් සිටි බව බීබීසී වාර්තා කළේය.  ඕස්ටේ‍්‍රලියානු යුද හෙලිකොප්ටර් ද එම ප‍්‍රදේශයට යවා තිබිණි.


රැකවරණ සොයා යමින් සිටි ලාංකිකයන් 12දෙනෙකුවත් මෙම අනතුරින් මිය ගොස් තිබේ.




Comments

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප