ජනාධිපතිවරණයක් එන්නේ නැහැ? අද සමුළුවේදී ඒ ගැන කතාත් නැහැ?


(2009 නොවැම්බර් 15 - W3Lanka) ජනාධිපති නිල කාලයේ පළමු සිව් වසර ගත වීමත් සමග ජනාධිපතිවරණයකට ගොස් යුද ජයග්‍රහණය විකුණා තව අට වසරකට නිල කාලය දිගු කර ගැනීමේ සැලැස්මක් සහිතව කඩිනම් ජනාධිපතිවරණයක් පැවැත්වීමට ඉලක්ක කර සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ දැන් දෙගිඩියාවක සිටින බව වාර්තා වේ. 


හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා ජනාධිපති පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් වන බවට නිල නො වන මට්ටමින් ප්‍රකාශ නිකුත් වීමත් සමග තමන්ට හිමි ධුර කාලයෙන් ද අවුරුදු දෙකක් අහිමි වීමේ අනතුරක් ඇති කරන මෙම ජනාධිපතිවරණය නො පැවැත්විය යුතු බවට ඉහළම දේශපාලන මණ්ඩලවල සාකච්ඡා වෙමින් තිබෙන බව ආරංචි මාර්ග පවසයි. 

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ අරමුණින් ම අද කැඳවා තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුළුවේදී මේ පිළිබඳ කිසිවක් ප්‍රකාශ නො කිරීමට මේ වන විටත් තීරණය කර ඇති බව දැනගන්නට තිබේ.



අප විසින් පවත්වන ලද ජනමත විමුසුමකට අනුව පෙනී යන්නේ ජනරාල් සරත් ෆොන්සේකාගේ ජනප්‍රියත්වය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට වඩා වැඩි බවයි.

Comments

  1. Kokage Pihiten Athal Eke Udin Giya Ibba Pahala Kollonta Kochok Karanna Gihin Bima Wetunu Kathawa Kata Katath Gelapenawa.

    Maluwa Nahinne ...... nisa...

    ReplyDelete
  2. ආ...මෙන්න තවත් අතේ මාට්ටු උන බොරුවක්... දැක්කනෙ ඊයේ මහින්ද කොන්ද කෙලින් තියාගෙන ප්‍රශ්නෙ ඇහුව. අත් ලක්ෂයකට වඩා ඉස්සුවා ජනාධිපතිවරණයක් තියන්න... ෆොන්සේකා මහින්දට වඩා ජනප්‍රිය නම් පුලුවන්නම් මිනිස්සු ලක්ෂයකට වඩා කොළඹට ගේන්න පුලුවන් වෙන්න ඕනේ... ඒත් බෑනේ???... ඊයෙ සෙනග දැකල යූ.ඇන්.පී. එකටයි ජේ.වී.පී. එකටයි හීන් දාඩිය දාල.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා