මාධ්‍යයට තර්ජන එල්ල කළේ පාතාලය සහ කුඩුකාරයින් සමග සම්බන්ධතා පැවැත්වු අය - සරත්


(2009 නොවැම්බර් 28 - W3Lanka) පොදු අපේෂකයා එජාපය‍ට ජවිපෙට සීමා වූවෙකු නොවන අතර ඔහු ජනාධිපතිවරයා නියෝජනය කරන දේශපාලන පක්‍ෂයටත් පොදු බව විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක සරත් ෆොන්ස්කා සිරස මාධ්‍ය ජාලය ඔස්සේ විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකදී ප‍්‍රකාශ කළේය.


යුද සමයේදී මාධ්‍යයට එල්ල වුණ තර්ජන සම්බන්ධයෙන් දැන් ආණ්ඩුව හමුදාවට ඇඟිල්ල දික් කිරීමේ උත්සහයක් තිබෙන බව ද ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ කරන්නට තිබුණේ එම වකවානුවේ බව ද තමා හමුදාපතිව සිටියදී සියලූ කටයුතු සිදු කළේ හමුදා සෙබළුන්ගේ සහාය ඇතිව බව ද ඔවුන් ඉතා විනය ගරුක ලෙස කටයුතු කළ අතර මාධ්‍ය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් හමුදාවට ඇඟිල්ල දික් කිරීම හමුදාවටත් පොදුවේ හමුදා සෙබළුන්ටත් කරන අපහාසයක් බව ද ඔහු පැවැසීය.


පසුගිය කාලයේ පිස්තෝල දික් කරමින් මාධ්‍යයට තර්ජන එල්ල කළේ පාතාලය සහ කුඩුකාරයින් සමග සම්බන්ධතා පැවැත්වු අය මිස හමුදාවේ සමාජිකයන් නොවන බව ජනතාව පැහැදිලිව දුටුවේ යැයිද කීයග
ෆොන්සේකා මෙසේද පැවැසීය.


"මුදල් වංචාවන් සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන්න යන බව පවසනවා. යුධ සමයේදී පිටරටින් ආයුධ ගෙන්වීම සම්බන්ධයෙන් මූලිකත්වය ගෙන කටයුතු කළේ ආරක්‍ෂක ලේකම්වරයායි. මුදල් සම්බන්ධයෙන් කටයුතු කළේත් ඔහුයි. හමුදා නිලධාරින් හැටියට අපට කරන්න තිබුණේ ගෙන්වනු ලබන ආයුධ පිළීබඳ කාර්මික විශ්ලේෂණයක් ඉදිරිපත් කිරීම පමණයි. ඇත්ත වශයෙන්ම මේවා ගැන පරීක්‍ෂණ පැවැත්වීම ගැන මා සතුටු වෙනවා. ඊට උපරිම සහයත් දෙනවා. පරීක්‍ෂණ අවසන් කරන්න නොහැකි වුවහොත් ඉදිරියේදී මට ලැබෙන අවස්ථාව අනුව ඒ පරීක්‍ෂණ කටයුතු ඉදිරියටම ගෙන යනවා."


Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා