අඩු මිළ බඩු ගන්න ජනතාව නුගේගොඩ පැත්තේ ගෙයක් සොයති


(2009 නොවැම්බර් 29 - W3Lanka) ආනයන බදු අඩු කර ඡන්දය වෙනුවෙන් පාරිභෝගිකයන්ට මිළ අඩු කර දුන් බඩු ඇත්තේ ලක් සතොසේ පමණි. සීනි, ළූනු, පරිප්පු, ටින් මාළු වැනි අත්‍යවශ්‍ය යයි කියන භාණ්ඩ 10ක ආනයන බදු පහත හෙළීමට රජය පසුගියදා පියවර ගත්තේ ය. එහෙත් පෞද්ගලික වෙළෙන්දන්ගේ බඩු මිළ තවමත් නියම කරන ලද මිළ ගණන්වලට වඩා 50%කටත් වඩා අධික ය.

මෙයට හේතුව ලෙස දැක්වෙන්නේ පිටකොටුවේ තොග වෙළඳපොළෙහි මිළ ගණන් පහත නො වැටීමයි. තව ම තිබෙන්නේ කලින් ගෙන්වූ භාණ්ඩ තොග බැවින් ඒවායේ මිළ අඩු කළහොත් තමන්ට පාඩු සිදු වන බව වෙළෙන්දෝ කියති. 



එහෙත් යම් තත්වයක් මත ආණ්ඩුව කිසියම් ආනයන බද්දක් වැඩි කළා නම් පසුදා සිට ම පිටකොටුවේ තොග මිළ ඉහළ යයි. 

මේ අතර, මිළ අඩු කළ බඩු ගන්නට ජනතාව දැන් නුගේගොඩ ජම්බුගස්මුල්ල පැත්තේ ගෙදරක් සොයමින් සිටින බව වාර්තා වේ.





Comments

  1. ආනයන බදු අඩු කර ඡන්දය වෙනුවෙන් පාරිභෝගිකයන්ට මිළ අඩු කර දුන් බඩු ඇත්තේ ලක් සතොසේ පමණි.

    මොන පිස්සුද ?
    ලක් සතොසේ මිල දර්ශනයේ පමණි. ලෙස නිවැරදි විය යුතුය.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා