අලුත් රියදුරු බලපත්‍රය මළ වධයක් -දූෂණ විමසුම


(2009 නොවැම්බර් 17 - W3Lanka) පෞද්ගලිකරණය පිටුදකින වත්මන් රජය විසින් පෞද්ගලික අංශයට පවරා ඇති නව රියදුරු බලපත් ව්‍යාපෘතිය යටතේ එම ටෙන්ඩරය ලබා ගත් පෞද්ගලික සමාගම තමන් එකඟ වූ ටෙන්ඩර් රෙගුලාසි අමු අමුවේ උල්ලංඝනය කරමින් සිටින බව දූෂණ විමසුම පෙන්වා දෙයි.  

එදා රුපියල් 600/= පමණ රියදුරු බලපත‍්‍රයක් ලබාගත හැකිව තිබු මහජනයාට අද රුපියල් 2250/= ක් ගෙවන්නට සිදුවන අතර බලපත්‍ර ලබා ගැනීමට මහජනයා පාන්දර පහේ සිට පෝලීමේ සිටිනු දක්නට ලැබෙන බව ද ආයතනයේ දූෂිත නිලධාරින්ට අල්ලස් දීමට අසරණ ජනතාවට සිදුවී ඇති බව ද දූෂණ විමසුම පවසයි.


වඩා හොඳ රියදුරු බලපත‍්‍රයක් ලබා දෙන බව පැවසුව ද අලුත් රියදුරු බලපත‍්‍රයේ ඡායාරූපය හඳුනා ගැනීමටවත් නොහැකි තත්ත්වයේ ඇති අතර එහි අඩංගු විස්තර කියවීමට පවා අසීරු බව ද රියදුරු බලපත‍්‍රය ලබාගැනීමට විභාගයෙන් සමත් වූ අයදුම්කරුවන් රියදුරු ප‍්‍රායෝගික පුහුණු පරීක්‍ෂණයට මුහුණ දීමට මාස තුනක් පමණ සිටිය යුතු බව ද විදේශ රැකියා සඳහා යාමට සිටින තරුණ තරුණියන්ට මෙය බලවත් පහරක් වී ඇති බව ද දූෂණ විමසුම පෙන්වා දෙයි. 

මිට අමතරව පරණ ක‍්‍රමයට රියදුරු බලපත් නිකුත් කිරීම තව දුරටත් කර ගෙන යන අතර ගොඩගැසී ඇති ඉල්ලූම්පත් ප‍්‍රමාණය ලක්‍ෂයකට ආසන්න බව කියවේ.

Comments

  1. මාත් මාස 7ක් තිස්සෙ ටෙම්පරියෙන් දුවන්නෙ.. කවද ලයිසන් එක ඒවිද මන්ද..

    ReplyDelete
  2. මටත් තාම ආවෙ නෑ බං

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා