චන්ද්‍රිකා තාක්ෂණය ලබා ගැනීමට ලංකාව බ්‍රිතාන්‍යයේ සරේ චන්ද්‍රිකා තාක්ෂණ සමාගම සමග ගිවිසුමකට


(2009 නොවැම්බර් 18 - W3Lanka) ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂම රටේ අභ්‍යවකාශ ශක්‍යතා වර්ධනය කර ගැනීම සඳහා සහ ප්‍රථම සන්නිවේදන චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කිරීමේ අරමුණින් බ්‍රිතාන්‍යයේ සරේ චන්ද්‍රිකා තාක්ෂණ සමාගම (Surrey Satellite Technology Ltd.-SSTL) සමග ගිවිසුමකට එළඹ තිබේ.


මේ අනුව එම සමාගම ලංකාව වෙනුවෙන් පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකාවක් නිෂ්පාදනය කිරීමට නියමිත ය. මෙම චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කළ විට ලංකාව ද එක්සත් ජාතීන් විසින් සම්බන්ධීකරණය කරනු ලබන ජාත්‍යන්තර ආපදා සහන උපකාරක ක්‍රියාකාරකම්වලට සහභාගි වන රටක් වනු ඇත. 


ශ්‍රී ලංකා අභ්‍යවකාශ නියෝජිතායතනය හෙවත් Sri Lanka Space Agency (SLASA) නම් වන ජාතික අභ්‍යවාශ වැඩසටහනක් පිහිටුවීම සඳහා ද ඉහත කී සමාගම උපදෙස් සපයයි.

සරේ චන්ද්‍රිකා තාක්ෂණ සමාගම  ලොව ප්‍රමුඛතම කුඩා චන්ද්‍රිකා තාක්ෂණ සමාගමකි. පෘථිවි නිරීක්ෂණ, විද්‍යා හා සන්නිවේදන කටයුතු සඳහා එම සමාගම අභ්‍යවකාශ මෙහෙයුම් සම්පාදනය කරයි. එම සමාගම 1981 සිට චන්ද්‍රකා 34ක් දියත් කර ඇත.


Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා