ලංකා කර්තෘට එරෙහිව පොල්ල එසවේ


(2009 නොවැම්බර් 21 - W3Lanka සරත් ෆොන්සේකා ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳ රහස් පොලිසිය ලංකා පුවත්පතේ කර්තෘගෙන් ප්‍රශ්න කිරීමට යන බව වාර්තා වේ. 

මෙම කුමන්ත්‍රණ ප්‍රවෘත්තිය පදනම් කරගෙන ‍ලංකා කර්තෘට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තොරතුරු වසන් කිරීමේ චෝදනාව නැඟිය හැකි ද යන කරුණ පිළිබඳව ද අදාළ බලධාරීන් අතර සාකච්ඡාවට ලක් වී ඇති බව වාර්තා වේ. 



මතභේදයට තුඩු දී ඇති ලංකා ලුවත්පතේ පළ වූ ප්‍රවෘත්තිය මෙසේ ය. 


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වන බව අනාවරණය වේ. මේ සඳහා එල්ටීටීඊ සංවිධානයෙන් මරාගෙන මැරෙන පුහුණුව ලැබූ කාන්තාවක කොළඹට ගෙන්වා ඇත්තේ මෑතක දී ආණ්ඩුව සමග සබඳතාවක් ඇති කරගත් දෙමළ ජාතික දේශපාලනඥයෙකි.

"වසන්ති"නම් මෙම කාන්තාව අදාළ දේශපාලනඥයා සමග සමීප සම්බන්ධයක් පවත්වා ඇතිබව බුද්ධි අංශ තහවුරු කරගෙන තිබේ. පසුගිය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පැවැති කාලයේ දී කොළඹට පැමිණ ඇති "වසන්ති"නවාතැන් ගෙන ඇත්තේ කිරුළපන, සිද්ධාර්ථ අඩිපාරේ නිවසක ය. මෙම නිවස නෝර්වේ තානාපති කාර්යාලයේ සේවය කළ නිලධාරියකුට අයත් ය. අදාළ කාලයේ දී කොළඹට පැමිණි එවකට එල්ටීටීඊ නායකයකු වූ ඉහත සඳහන් කළ දේශපාලනඥයා කිරුළපනට ගොස් "වසන්ති"නම් මරාගෙන මැරෙන කාන්තාව මුණගැසී තිබේ. මේ සිද්ධිය අනාවරණයවීමත් සමග අදාළ මරාගෙන මැරෙන කාන්තාව දඹුල්ල ප‍්‍රදේශයට පලා ගොස් තිබේ.

අපට දැනගන්නට ලැබී ඇති ආකාරයට මෙම කාන්තාව අදාළ දේශපාලනඥයා විසින් නැවත කොළඹට ගෙන්වා ඇත්තේ ජෙනරාල් ෆොන්සේකා ඝාතනය කිරීමේ උත්සාහයකට ය. ජෙනරාල්වරයා පසුගිය දිනෙක ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේ දී විශේෂ ආරක්ෂාවක් ඉල්ලා ඇත්තේ ද මෙවැනි ජීවිත තර්ජන නිසාවෙන් බව දැනගන්නට ඇත. එල්ටීටීඊ සංවිධානයෙන් මෙන්ම තමන් දේශපාලනයට පිවිසීම ප‍්‍රතික්ෂේප කරන දේශපාලන කණ්ඩායම්වලින් ද ජීවිත තර්ජන ඇතිබව ජෙනරාල්වරයා පැවැසූ බව ඔහුට සමීප ආරංචිමාර්ග සඳහන් කරයි.

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී තනතුරෙන් ඉල්ලා අස්වීමෙන් පසුව ඒ මහතාගේ ආරක්ෂාව අඩුකිරීමට ආණ්ඩුව ක‍්‍රියාකර ඇත. එබැවින් ඒ මහතාගේ ආරක්ෂාව බරපතළ අවදානමක පවතින බව දේශපාලන අංශවල අදහස වී තිබේ.


Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා