නැගෙනහිර බැසිල්කරණය අතේ පත්තු වේ. පිල්ලෛයන් මහින්දට සපෝට් නැහැ!


(2009 නොවැම්බර් 29 - W3Lanka) රාජපක්ෂ පවුල විසින් බැසිල් රාජපක්ෂ හා ආණ්ඩුකාර හිටපු නාවික හමුදා නිලධාරි මොහාන් විජේවික්‍රම හරහා පවත්වාගෙන යන පළාත්සභාව අභිභවා රෙජිමේ ආධිපත්‍යය පැතිරවීමේ ක්‍රියාමාර්ගය අතේ පත්තු වී තිබේ. 


නැගෙනහිර මහ ඇමති සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෛයන්ගේ නායකත්වයෙන් සිකුරාදා රැස් වූ දෙමළ මහජන විමුක්ති කොටි හෙවත් TMVP දේශපාලන මණ්ඩලය 15න් 13ක් ලෙස ඡන්දය දෙමින් ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට සහාය නො දීමට තීරණය කර තිබේ. 

රාජපක්ෂ ආණ්ඩුව නැගෙනහිර පළාත් සභාව පිහිටවූ දා සිට ම නැගෙනහිර මහ ඇමති පිල්ලෛයන්ගේ බලතල පාලනය කළ අතර, නැගෙනහිර පළා‍තේ සංවර්ධන කටයුතුවලදී හා රැකියා දීම් ආදී කාර්යයන්හිදී ඔහු කොණ් කරන ලදී. පසුගිය වසර එකහමාරක කාලය තුළ තමනට වැඩක් කිරීමට නො හැකි වූ නිසා ජනතාව අතරට යා නො හැකි බව දැන් TMVP පවසයි.


කොටි සංවිධානයෙන් බිඳී අතුරු හමුදාවක් ලෙස ක්‍රියාත්මක වී පසුව ගොඩනැඟුණු TMVP පක්ෂය ඇමති විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් යොදවා අභ්‍යන්තර අර්බුද ඇති කොට බිඳ දමන ලද අතර පිල්ලෛයන්ගේ පෞද්ගලික ලේකම් පවා කොළඹ ආසන්නයේදී ඝාතනය කරන ලදී.

මේ අතර, අලුත් ම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ඇමති කරුණා අම්මාන් ද ඉන්නේ වැට උඩ බවයි.






Comments

  1. අහෝ බේදයකි,සුනහයා මලේය.දුකකි ඉරකි,තිත්කි.

    ReplyDelete
  2. ඔන්න ක්‍රිෂ්ණගේ තාවකාලික මානසික සුරතාන්තය ඉවරයි. පිල්ලෙයාන් මහින්දට උදවු කරනවලු

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා