ජනරාල්ට හූ කිවූ කැලනියේ මැරයාට අසුබ දසාවක්


(2009 නොවැම්බර් 14 - W3Lanka) සිය ඉල්ලා අස් වීම ප්‍රකාශයට පත් කිරීමෙන් පසු කැලනි රජ මහා විහාරය වැඳ පුදා ගැනීමට ගිය හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකාට පිරිසක් දමා හූ කියවූ කැලනියේ මැර දේශපාලනඥයාට මට්ටුවක් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැන ගන්නට තිබේ. 


ඡන්ද සටන්වල වාසි අවාසි බලා, අනාගත පාලකයන් වීමට ඉඩ ඇති අපේක්ෂකයන්ගේ දෙපා නමැඳ පක්ෂපාතිත්වයන් මාරු කිරීමේ සම්ප්‍රදායක් අනුගමනය කරන මෙම දේශපාලකයා ‍එළඹෙන මැතිවරණවලදී පිල් මාරු කිරීම වළක්වා ගැනීම පිණිස ද, ඔහුගේ මැර ක්‍රියා නිසා රජයට ඇති වී තිබෙන අපකීර්තිය ඔහු පිටින් ම යවා අත සෝදා ගැනීමට ද රාජ්‍ය නායකයන් තීරණය කර ඇති බව ද දැනගන්නට ඇත.

මෙම දේශපාලකයාට එරෙහිව ක්‍රියාමාර්ගයකට එළඹීම රජයේ ජනප්‍රියත්වය ඉහළ නැංවීමට හේතු වන බවට උපදෙස් ජනාධිපතිවරයාට ලැබී තිබේ. ඒ අනුව, ඔහුට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවස්ථාවක් ලැබෙන තෙක් ජනාධිපතිවරයා බලා සිටින බව ද පසුගිය සමයේ අසන්නට ලැබිණි. 


මෙම දේශපාලකයා බොහෝ නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ අයෙකු වන අතර පසුගිය සමය පුරා ම ඔහුට රාජ්‍ය අනුග්‍රහය ලැබිණි.

Comments

  1. අර රෝහල් සෙව්ය ගද ගස්සන ඇමතියටත් ඔය දෙයම කලොත් කාට කාටත් හොදයි.

    ReplyDelete
  2. කරනවනම් අප්පා කීදෙනෙක් ඉන්නවද දඬුවම් දෙන්න.......

    ReplyDelete
  3. මුලින්ම මල්ලිව හිරේ දාන්න එතකොට ඔයා ගොඩ !

    ReplyDelete
  4. මර්වින්ට පිස්සු බව අපි කවුරුත් දන්නවානේ,එතකොට මෙකාව පත් කල එකාට???????????????????????

    ReplyDelete
  5. කී දෙනෙක් කිව්වද ඔය ගොයියව කම්බස් කරනවා කියලා...ඒත් ඉතිං උනායෑ...මට පුදුම W3 lanka එකත් ඒකට රැවටුණු එක.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා