(2009 නොවැම්බර් 26 - W3Lanka) ලංකා ඉතිහාසයේ මෑත යුගයේ වැඩියෙන් සලකුණු වී ඇත්තේ ප්‍රකාශනයේ හා ජනමාධ්‍ය නිදහස අවුරන ක්‍රියාමාර්ග පිළිබඳවයි. 2005 සිට මේ දක්වා කාලය තුළ ජනමාධ්‍යවේදීන්රැසක් මරා දමා තවත් රැසකට විවිධ තාඩන පීඩන පමුණුවා තවත් රැසකට රටින් පළා යන්නට සිදු වන හෝ අතිශය බියෙන් වචන හසුරුවන්නට සිදු වන තත්වයක් නිර්මානය කර තිබුණ ද මාධ්‍ය නිදහසට එරෙහි අපරාධ කළවුන්ට එරෙහිව ගනු ලැබූ කිසිදු අධිකරණ ක්‍රියාමාර්ගයක් පිළිබඳ මෑත ඉතිහාසයේ වාර්තා වූයේ නැත.
පසුගිය දිනෙක අධිකරණය හමුවට ගිය රහස් පොලිසිය අපූරු ඉල්ලීමක් කළේ ය. එනම් සාලින්ද දිසානායක ඇමති පොලිසියට කළ බලපෑමක් පිළිබඳ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ පළ වූ වාර්තාවක තොරතුරු ලබා ගත් මූලාශ්‍රය හෙළි කරන්නැයි එම වෙබ් අඩවියේ හිමිකරුට නියෝග කරන ලෙස ඉල්ලා ය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නිශාන්ත හපුආරච්චි එය ප්‍රතික්ෂේප කළේ ය.
ලංකා ඊ නිව්ස් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් වන මංජුල පතිරාජ සහ ගුණරත්න වීරකෝන් පෙන්වා දුන්නේ තොරතුරු මූලාශ්‍ර හෙළි කිරීම මාධ්‍ය ආචාර ධර්මවලට පටහැණි බවයි. එසේ ම එය ආණ්ඩු කුම ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබෙන තොරතුරු දැන ගැනීමේ මූලික අයිතිවාසිකම උල්ලංඝනය කිරීමක් බව ද ඔවුහු පෙන්වා දුන් හ.
ශ්‍රී ලංකාවට 2009 වසරේ ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයේ රටවල් 175ක් අතරින් හිමි වී තිබෙන්නේ 162වන ස්ථානයයි.
|
Subscribe to:
Post Comments (Atom)
People's Internet Project
This blog is maintained by People's Internet Project
Visit our web home Lanka Polity is our sister English language web site Mail us your information, news and feedback: w3lanka@gmail.com Contact us via 0094 77 5583470 |











අයියෝ 13 ක් පිටිපස්සෙන්නෙ. ට්‍රයි කළොත් 175 වෙන්න පුඵවන්නෙ ලේසියෙන්ම.