දැන් බලනකොට සරත් ෆොන්සේකා‍ත් කොටියෙක්නෙ!


(2009 නොවැම්බර් 27 - W3Lankaකොටි සංවිධානය කෲර‍ ලෙස මර්දනය කිරීම සඳහා මුල් වූ පුද්ගලයන් අතරින් එක් අයෙකු වන හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට එරෙහිව ද ඔහු කොටි අතකොළුවක් ය යන කෝකටත් තෛලය පාවිච්චි කිරීමට ආණ්ඩුව සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ. 

සරත් ෆොන්සේකාගේ ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය කොටි සංවිධානයේ උවමනාවන් ඉටු කිරීමට ඉවහල් වන බව පෙන්වා දීම ආණ්ඩුවේ අරමුණ වී තිබේ. 


නිදසුනක් ලෙස අද දිනමිණ පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වන විදේශ ඇමති රෝහිත බෝගොල්ලාගම පවසන්නේ මෙසේ ය.


විපක්ෂය යම් යම් ජාත්‍යන්තර බලවේගවල අතකොළු වෙලා. මෙහිදී ඔවුන් පෙනී සිටින්නේ ජනතාව වෙනුවෙන් නෙවෙයි. විදේශ රටවල් වෙනුවෙනුත් නෙවෙයි, ඔය රටවල තියෙන කොටි සංවිධාන විසින් තමයි අද විපක්ෂය මෙහෙයවන්නේ. මේ බලවේග සමහර රටවලට බලපෑම් කරනවා. විපක්ෂයේ සමහර දේශපාලනඥයෝ ඔය විදියේ බලවේගවල නියෝජිතයන් ලෙස ක්‍රියාකරනවා. 

මේ ගැන ජනතාව දැනුවත් විය යුතුයි. විදේශ ඇමැතිවරයා හැටියට ඔය අදිසි හස්ත ක්‍රියාත්මක වන හැටි මම දකිනවා. ඇත්තටම ඒවායේ ක්‍රියාකාරිත්වය එකවර බාහිරයට පෙනෙන්නේ නෑ. නමුත්, එක්වරම කොහේවත් නැති අය මතුවෙන්නේ ඔය බලපෑම් නිසා. මේවායේ කොටසක් ලෙස පත්තරවල පිටුගණන් ලියැවෙන ස්භාවයකුත් තියෙනවා.




Comments

  1. Kana palenna gahala inna kota kiyapu deyakda koheda

    ReplyDelete
  2. මටත් ආසයි ලක්ෂ 40-50ක් වියදම් කරලා උපන් දින පාටියක් දාන්න,මගේ ගැනිගෙන් ගුවන් තො‍ටුපලේදි ගුටි කන්න,කියන ඕනෙම දෙයක් පිංපියේක් වගේ අහගේන ඉන්න,කොච්චර ෂොක්ද නේද මමත් හරියට බොගොල්ලාගම වගේ නේද?

    ReplyDelete
  3. අනේ ඉතිං මේ වගේ ඇමතිලා අපිට විතරනේ ඉන්නේ?මෙහෙ සරත්ලා මැරීගෙන කොටියට ගහනකොට බෑන් චූන් කරපු එවුන් දැන් කියන කතා.
    කොටියා ජාත්‍යන්තරේ මෙච්චර හරි නැටේව්වේ අපේ විදේශ අමාත්‍යාංශෙ දුර්වලකම හින්දා කියලා ත්‍රස්තවාදය පිළිබඳ දකුණු ආසියාවේ ප්‍රවීණම මහාචාර්ය රොහාන් ගුණරත්න කියලා තිබුණා.
    හැබැයි "රටම නැගුවෙමු,ලොවම දිනුවෙමු" කියලා මෙහෙ හැමතැනහ මෙයා ලයිට් කණු ,ගස් උඩ නැගගෙන ඉන්නවා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා