ජනමාධ්‍යකරුවනි, ජනරාල් මහත්තයෙක් කරමු!

(2009 නොවැම්බර් 24 - W3Lanka) "රජුන් පළවා හැරීමට ජනරාල්වරුන් තෝරාගැනීම ඉඟුරු දී මිරිස් ගැනීමක් නො වන්නේ කෙසේදැයි විශේෂයෙන් ම ජවිපෙ විසින් පැහැදිලි කර දිය යුතු වේ. මේ රටේ ජනතාවට අද අවශ්‍ය වී ඇත්තේ රජවරු හෝ ජනරාල්වරු නොව ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන සිවිල් පාලකයින් ය."

ජනාධිපතිවරණය පිළිබඳ අප රජුනුත් එපා! ජනරාල්වරුනුත් එපා! අපට ඕනෑ සිවිල් පාලකයන් යන මැයෙන් පළ කරන ලද සටහනක අපි මෙසේ ලියුවෙමු. 


සියලු ජනමාධ්‍ය සරත් ෆොන්සේකාගේ නම ඉදිරියෙන් ජනරාල් පට්ටමක් ඈඳද්දී අපි ඔහුගේ නම පමණක් ලියන්නෙමු. සම්ප්‍රදායක් ලෙස අපි මහතා යන පර්යාය පදය කිසිවකුගේ නමට අගින් නො යොදන්නෙමු. ඒ අපහාසයකට අගෞරවයකට නොව අපේ සම්ප්‍රදායයි.




සරත් ෆොන්සේකා යථාර්ථයකි. ඔහු මේ රටේ අනාගත ජනාධිපති විය හැකි ය. ඔහුගෙන් බලාපොරොත්තු වන්නේ රටේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමයි. ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවීමයි. දූෂණයෙන් තොර යහපාලනයක් පිහිටුවීමයි. ඔහු ඒකාධිපතියකු නො වන්නේ යයි වග බලා ගැනීම එජාපෙට හා ජවිපෙට පමණක් පවරා දෑත් පොරවාගෙන බලා සිටිය යුතු නැත. 


සරත් ෆොන්සේකාට ඡන්දය දෙන ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී පාලකයකු බවට පත් වීම සඳහා ඔහුට උදව් කළ යුතු ය. අප සිතන පරිදි නම් සිය හිසේ පැළඳගෙන සිටින උඩඟු කරමලය (ඔටුන්න) ගලවා, පවුල්වාදයෙන් මිදී ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය යළි පිහිටුවිය හැකි නම් ජනාධිපති මහින්ද රාජපක්ෂට ඉතිහාසයේ හොඳම පාලකයා වීමේ අවස්ථාව තවමත් තිබේ. 


පාලකයන්ට ඒ සඳහා ඉඩ නො දෙන්නේ ඔවුන් වටා රොක් වී සිටින බඩ‍ගෝස්තරවාදීන් පමණක් නොවේ. ජනමාධ්‍ය, බුද්ධිමතුන්, සිවිල් සමාජය හා මේ රටේ 'ජනතාව' ද ඒ සඳහා වගකිව යුතු වෙති. 

මේ සමග ඇති ඡායාරූපය බලන්න. මෙතෙක් හමුදා නිල ඇඳුමෙන් සිටි ෆොන්සේකා මේ ඇඳ පැළඳ සිටින්නේ සිවිල් ජන නායකයකු වන්නයි. ජනරාල්, ජනරාල් කියා පුන පුනා කියමින් ලංකාවේ ජනමාධ්‍ය ඔහු වෙනත් ආකාරයකට අන්දමින් සිටියි. 



ජනරාල්වරු අවශ්‍ය යුද්ධයටයි. රජුන් අවශ්‍ය පසුගාමිත්වයටයි. දැන් රජ්ජුරුවෝ ඉස්සර මහින්ද අයියා හෝ රාජපක්ෂ මහත්තයා විය. ඔහු පටන් ගත්තේ එලෙසයි. සරත් ෆොන්සේකාට ද සරත් අයියා හෝ ෆොන්සේකා මහත්තයා ලෙස ජනාධිපතිවරණ ව්‍යාපාරය පටන් ගැනීමට ජනමාධ්‍ය ඉඩ දිය යුතු ය. පස්සේ වෙන දේවල් පස්සේ ය.


නැති නම් පුදපු ගමන් කාපි යකා වනු ඇත.



Comments

  1. Facts of this article is acceptable. We needed a man who can restore democratic norms in the country.
    Dayaratne
    Ratmalana

    ReplyDelete
  2. මහින්ද ඇතුලු සියලුම දේශපලකයන් බොරුකාරයෝය. නමුත් මහින්ද යුද්ධය අවසන් කිරීමේ දී පැමිණි ගොදක් ප්‍රශ්න නිවැරැදිව විසදුවේය. ජෙනරාල් හොඳ යුද්දයටය. ජෙනෙරාල් දැන් ඉන්නේ, එයා යුද්ද කරන විට ප්‍රසිද්ධියේ වැරදි කිව් අය සමග (මංගල ආදීන් ), ජනාධිපති වීමේ කෑදර කමින්. ජෙනරාල් යුද්ධයේදී විරයෙක්. හැබැයි දේශපාලනයේ වීරයෙක් නෙවෙයි. ලංකවේ දේශපාලනයේදී කාටවත් වීරයෙක් වෙන්න බැරි බව පොඩි ළමයෙකුට වුනත් තේරෙනව.

    ReplyDelete
  3. Good one.

    BTW, sarath Fonseka is an individual. A regime cannot be decided by one man. Best example is Mahinda. Mahinda, even if he's a good man, the kakkkaas around him are making him bad. So I am waiting to see what kinda plan Sarath is bringing especially considering the likes who decide his political path.

    If Sarath is coming on his own, and has patience to start with general election and reach the top by showing his skills as a politician [not by being a celebrity] i still prefer hiim than current opposition. On such a day Sarath or mahinda can chooose to rule SL.

    As long as Sarath is with current group, he's an enemy of state.

    ReplyDelete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා