ඡන්දෙ ඉල්ලන්න ගෙදරට එන අයට නහය වසාගෙන දොර අරින්න; වෙන මුකුත් නිසා නෙමෙයි. සූකර උණ


(2009 නොවැම්බර් 25 - W3Lanka) ප්‍රකාශයට පත් කර තිබෙන ජනාධිපතිවරණය රටේ පැතිරී යමින් තිබෙන AH1N1 හෙවත් සූකර උණ වසංගතය තවත් ව්‍යාප්ත කිරීමට දායක විය හැකි බව නම සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. 

මේ වන විට මෙම රෝගයේ ලක්ෂණ සහිත රෝගීන් දිවයින පුරා ම හම වෙමින් සිටින අතර විශේෂයෙන් ම මධ්‍යම පළාතේ සූකර උණ රෝග ලක්ෂණ සහිත රෝගීන් සිය ගණන් රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙති. අද වන විට මධ්‍යම පළාතේ AH1N1හේතුවෙන් සිදු වී යයි සැක කරන මරණ 13ක් වාර්තා වී ඇති අතර ඉන් හතරක් ඔප්පු වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය බලධාරීහු පවසති. 


රෝග ව්‍යාප්තිය වැළැක්වීම පිණිස රජයේ පාසල් වසා දමන ලද මුත් මේ වන විටත් උසස් පෙළ ඇතුළු වෙනත් ටියුෂන් පන්ති සුපුරුදු පරිදි ම පැවැත්වේ. මෙම පංති සාමාන්‍යයෙන් පැවැත්වෙන්නේ වාතාශ්‍රය හා වෙනත් පහසුකම් අවම ශාලාවලයි.  රටේ අතිශය ප්‍රගතිශීලී බුද්ධිමතුන් ලෙස බැබලීමට උත්සාහ කරන නමගිය ටියුෂන් මුදලාලිලා ද මෙසේ පංති පවත්වා ඇත.


මේ අතර, ජනාධිපතිවරණ උණුසුමත් සමග දේශපාලන පක්ෂවලට සම්බන්ධ පිරිස් සෞඛ්‍යමය වශයෙන් අනාරක්ෂිත අන්දමින් ගමන් බිමන් යාම වැඩි වී තිබේ. ඡන්ද ඉල්ලා ගෙන්ගෙට යාම රෝග ව්‍යාප්තියට දායක විය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා