මෙන්න භාරකරුගේ ඔටුන්න


(2009 නොවැම්බර් 20 - W3Lanka) මේ ඡායාරූපයේ තිබෙන්නේ තමන් මේ රටේ රජු නොව භාරකරු බව කියන ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහා තනවා තිබෙන ඔටුන්නයි. 

රන් රිදී උපයෝගී කරගෙන මැණික්‌ ගල් 1300 ට වැඩි ප්‍රමාණයක්‌ ඔබ්බවා දිගාමඩුල්ල ජනතා ජනපති උපහාර සංසදය විසින් නිම කරන ලද මෙම මැණික්‌ ඔටුන්නෙහි වටිනාකම කොපමණදැයි හෙළිදරව් වී නැත. 

මහනුවර සම්ප්‍රදාය අනුව නිමකර ඇති මෙම ඔටුන්න නිෂ්පාදනය කිරීම සඳහා කඩවත ඇම්. ඒ. ජයරත්න  ගාල්ල ඇම්. ඒ. කරුණාසේන ශිල්පීන් දෙදෙනාට තෙමසකට ආසන්න කාලයක්‌ ගතවී ඇති බව පැවසේ. 


කැටයම් කරන ලද රන් අසිපතක්‌ද මේ ඔටුන්න සමග ජනාධිපතිට පිළිගැන්වීමට නියමිතව ඇත. 

මේ අතර, මහ බැංකුව විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රුව අඩංගු මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට ද පියවර ගෙන තිබේ. 





Comments

  1. මට තියන පුරස්නෙ, චන්දෙ කාලෙදි කටවුට් ගලවනවා වාගේ, සල්ලි කොල ටිකත් එකතු කර ගනීද කියලා.

    ReplyDelete
  2. මුල්ලේරියාව රාජධානියේ මහරජ කම තමයි ඉතිං ගැලපෙන්නේ.

    ReplyDelete
  3. Hemoma den Mahindata MAHARAJATHUMA kiyaddi eya otunnakui kaduwakui hada gattama thiyana weradda mokakda ??? Rajjuru kenek wunama ewa thiyenna oone ne........
    Ane anichchan me rate weda......

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා