අපි වවමු - රට නගමු! ඒ වුණාට වැඩි වැඩියෙන් රටින් ගෙනත් කමු!

(2009 නොවැම්බර් 12 - W3Lankaඅපි නගමු - රට වවමු වැඩපිළිවෙල ය‍ටතේ දේශීය ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම පිළිබඳව හා පොහොර සහනාධාර සැපයීම වැනි කාර්යයන් සඳහා මහජනතාවගෙන් අධික ලෙස බදු අය කිරීම සාධාරණීකරණය කිරීමේ රජයේ කයිවාරු කෙසේ වෙතත්, ලංකාවට පිටරටින් ගෙන්වන ආහාර දුව්‍ය ප්‍රමාණය නම් වැඩි වී තිබෙන බව වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන ගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සංඛ්‍යාලේඛන පෙන්නුම් කරයි. 

කිරිපිටිවලින් අධික ලෙස බදු අය කරන්නේ දේශීය කිරි ගොවියා නැංවීම සඳහා යයි ජනාධිපතිවරයා පසුගියදා පැවති ජනපති ජනහමුවේදී පැවසුව ද ගිය අවුරුද්දේ රටේ කිරිපිටි අවශ්‍යතාවෙන් 90%ක් ම පිටරටින් ආනයනය කර ඇති බව බන්දුල ගුණවර්ධන පැවසීය. 2005 අවුරුද්දේ මෙම ප්‍රතිශතය 89.1%ක් විය. 



2005දී රටේ අර්තාපල් අවශ්‍යතාවෙන් ආනයනය කෙරුනේ 33.%ක් පමණක් වුව ද, 2008දී සමස්ත අවශ්‍යතාවෙන් 57%ක් ම ආනයනය කර ඇත.


2005දී රටේ ලොකු ළූනු අවශ්‍යතාවෙන් ආනයනය කළේ 66.6% ක් වුව  ද 2008දී 71.9%ක් ම පිටරටින් ගෙන්වා තිබේ.


2005දී රටේ මිරිස් අවශ්‍යතාවෙන් ආනයනය කෙරුනේ 67%ක් පමණක් වුව ද 2008දී 73%ක් මආනයනය කර ති‍බේ. 

මේ අතර රටේ සමස්ත සීනි නිෂ්පාදනයෙන් 92.7%ක් ද ආනයනය කෙරිණි. 2005දී ආනයනය කරනු ලැබුවේ 89.6%ක් පමණි. 


මෙම තොරතුරු හෙළිදරව් වූයේ ජවිපෙ මන්ත්‍රී රණවීර පතිරණ විසින් අසන ලද ප්‍රශ්නයකට සපයන ලද පිළිතුරුවලිනි.


Comments

  1. කටෙන් බතල කොල හිටෙව්වාට අපිට කොහෙද වවන්න ඉඩක් ලංකාවේ. ලංකාව දැනටමත් ලෝකයේ ජනාකීර්නම රටවලින් එකක්. ලොකයේ 35 වෙනි තැනට ජන ගනත්වය තියෙන්නේ. රටින් බඩු ගෙන්නල්ල තට්ටු ගෙවල් ගහනවා ඇරෙන්නෙ වෙන කරන්න දෙයක් නැහැ. පොහොර සහනාදාර කියන්නේ, වැඩකරන ජනතාවගෙන් හූරාගෙන ජන්දදායක ජඩයනට දෙන කෙරුවාවක් මිසක අමුතුවෙන් ගොවිතැන නගනා ක්‍රමයක් නොවෙයී.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා