ඇමරිකාව ෆොන්සේකාගෙන් ප්‍රශ්න කරන්න ගිය කතාව බොරු - කොහොන


(2009 නොවැම්බර් 24 - W3Lanka) එක්සත් ජනපදය හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකාගෙන් ප්‍රශ්න කිරීමට උත්සාහයක් නො දැරූ බව ඔන්න ඒ පාර ලංකාවේ හිටපු විදේශ ලේකම් සහ දැන් එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත පාලිත කොහොන පවසා තිබේ. 


ඔහු එසේ පවසා ඇත්තේ ඩේලි මිරර් පුවත්පතේ 'හොට් සීට්' වීඩියෝ වැඩසටහනේදී අසන ලද පැනයකට පිළිතුරු ලෙසයි. ඉහළ ම තැන්වලින් දැන ගන්නට ලැබී ඇති පරිදි එවැනි උත්සාහයක් දරා නොමැති බව කොහොන පවසයි.


"We have information and this has been conveyed at the highest levels that no such attempt was made”.


දැන් එසේ කීව ද පසුගිය මාසයේ අගභාගයේදී ‍සරත් ෆොන්සේකා සිය ග්‍රීන් කාඩ් පත දීර්ඝ කර ගැනීම සඳහා එක්සත් ජනපදයේ ඔක්ලහෝමා වෙත ගොස් සිටියදී එරට අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව යුද අපරාධ සම්බන්ධයෙන් ඔහු සම්මුඛ පරීක්ෂණයකට ලක් කිරීමට ඉල්ලා ඇති බවට ලංකාවේ ආන්දෝලනයක් ඇති විය. ජනරාල් සරත් ෆොන්සේකාට එම කරුණට අදාල ලිපියක් හා දුරකථන ඇමතුමක් ලැබී ඇති බව නොවැම්බර් 04දා ලංකාවේ විදේශ අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක කියැවේ.



එහෙත් දැන් කොහොන පවසන්නේ එවැනි සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීමට ගිය බව කීමට තොරතුරු නැති බවයි.



“We have no information to suggest that such an interview was sought”.  

ඒ දිනවල ලංකාවේ ඇමරිකානු තානාපති කැඳවූ විදේශ ඇමතිවරයා ඇයට ද, එක්සත් ජනපදයේ ලංකා තානාපති හරහා එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවට ද දැනුම් දුන්නේ සරත් ෆොන්සේකා සතු තොරතුරු ඔහු දැරූ තනතුරක වරප්‍රසාද ලෙස ඔහු දැන ගත් දේ නිසා ඒවා ලබා ගැනීමේ හිමිකමක් එක්සත් ජනපදයට නැති බවයි. 

දැන් කොහොන කියන පරිදි එවැන්නක් සිදු වී නැත. එසේ නම් සියල්ල මායාවක් ද?

Comments

  1. අනේ මේ හ‍රකුන්ට කට වහගෙන ඉන්නම බැරි හැටි, තප්පුලන්නෙ නැතිව.

    ReplyDelete
  2. එතකොට කොහොනට එංගලන්තයට ඇතුල් වන්න විසා නොදුන්න එකත් බොරුද.

    ReplyDelete
  3. කලවැද්දා

    ReplyDelete
  4. කොහොන කියන්නේ ආතක් පාතක් නැති අපතයෙක් බව ඕස්ට්‍රේලියාවේ ඉන්න කවුරුත් දන්නවනේ .
    මිනිහා රෙදි හෝදන වැඩේට කියාපු ගොයියා .කන්දක් උනත් හොදයි
    හරියට සෆ් එක්සෙල් වගේ .

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා