ජනරාල් ෆොන්සේකා එක්සත් ජනපදයේදී යුද අපරාධ චෝදනා මත අමාරුවක වැටෙයිද සැකයක්
(2009 නොවැම්බර් 01 - W3Lanka) දැනට එක්සත් ජනපදයේ පෞද්ගලික චාරිකාවක නියැලී සිටින එරට ඔක්ලොමාහි ග්‍රීන් කාඩ් පුරවැසියකු වන හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකාට එම වීසා හිමිකම දීර්ඝ කර ගැනීම හා සම්බන්ධව එරට අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව සමග ලබන බදාදා සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දීමට සිදු වී තිබෙන බව අද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. මෙය පසුගිය සතියේ නිකුත් වූ යුද අපරාධ වාර්තාව හා අදාළව නීතිමය අධිකාරය තහවුරු කිරීමේ ප්‍රයත්නයක්දැයි කොළඹ බිය වී ඇති බව ද පුවත්පත පවසයි.
ඔහුගේ නීති උපදේශක ෆ්‍රෙඩ් ෆීල්ඩිං උපදෙස් දී ඇත්තේ සත්‍යගරුකව පරීක්ෂණයට මුහුණ දෙන ලෙස බව ද පුවත්පත පවසයි. එහෙත් දැන් ලංකාවේ රජය ඔහුට තමන්ට සේවා සපයන පැටන් බොග්ස් සමාගමෙන් සේවා සපයා ඇත. ඇතැම් විට ෆොන්සේකාට රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය පාවිච්චි කර සම්මුඛ පරීක්ෂණය ප්‍රතික්ෂේප කිරීමට උපදෙස් ලැබෙන්නට ඉඩ ඇති බව ද පුවත්පත පෙන්වා දෙයි. එහෙත් ඔහු එක්සත් ජනපද පුරවැසියකු වීම හේතුවෙන් මෙහිදී නීතිමය ගැටළුවක් ඇති වීමට ඉඩ ඇත.
පසුගියදා එක්සත් ජනපද කොංග්‍රසයට ඉදිරිපත් කරන ලද ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳ වාර්තාවක ජනරාල් සරත් ෆොන්සේකා හමුදාවට යුද්ධයේ සම්මත නීති නො තකා හැර සුදු කොඩි රැගෙන යටත් වන්නට ආ කොටි කැරැලිකරුවන් පවා මරා දමන්නට සිදු වූ බව අම්බලන්ගොඩදී පැවති උත්සවයකදී කියා ඇතැයි මාධ්‍ය ආයතනයක් වාර්තා කර ඇති බව සඳහන් වේ.
ජනරාල් ෆොන්සේකා සහ ඔහුගේ බිරිඳ අනෝමා ෆොන්සේකා ඔක්තෝබර් 23දා එක්සත් ජනපදයට ආහ. ඔවුන්ගේ චාරිකාවේ අඩක් හවායිහි එක්සත් ජනපද පැසිෆික් අණ දෙන මූලයේ අණදෙන නිලධාරි තිමති ජේ. කීටිංගේ විශ්‍රාම යාම නිමිත්තෙන් පැවති උත්සවයකට සහභාගි වීම සඳහා වූ නමුදු කොංග්‍රස් වාර්තාව නිකුත් වීමෙන් පසු එක්සත් ජනපදය ෆොන්සේකාට කළ ආරාධනය ඉවත් කර ගත්තේය.

යුද අපරාධ පිළිබඳ කොංග්රස් වාර්තාව නිකුත් වීමෙන් පසු එක්සත් ජනපදය ජනරාල් ෆොන්සේකාට කළ ආරාධනය ඉවත් කර ගත්තේය. එබැවින් මෙම ගමන අවදානම් තත්වයක් මැද ගිය පෞද්ගලික චාරිකාවකි. මෙවැනි ගමනක අවදානම පිළිබඳ බුද්ධි අංශ සහ දේශපාලන බලධාරීන් ජනරාල් ෆොන්සේකාට උපදෙස් දුන්නේ නැද්ද? ඒ වගකීම ඔවුනට තිබිණි.
ReplyDeleteSudesh Karunathilake