අවතැන් වූවන්ගෙන් ගැලවෙන්න මහින්දලා සරත්ලා පොරේ


(2009 නොවැම්බර් 22 - W3Lankaයුද්ධය නිමා වීමත් සමග ම වන්නියෙන් අවතැන් වූ ජනයා තවමත් රඳවාගෙන සිටින කඳවුරුවලින් ඔවුන්ට යම් නිදහසක් ලැබිය හැකි බව ඊයේ මැනික් ෆාම් කඳවුර බැලීමට ගිය ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක බැසිල් රාජපක්ෂ එහිදී කරන ලද ප්‍රකාශයකින් පැහැදිලි වේ.


මේ අනුව, තවමත් කඳවුරුවල සිටින ජනයාට පනවා තිබෙන සංචලන සීමා දෙසැම්බර් 1දා සිට ලිහිල් කෙරෙනු ඇත.


රජය‍ මේ වන විට අවතැන් වූවන් යළි පදිංචි කිරීම වේගවත් කර තිබේ. එහෙත් යළි පදිංචි කරන ලද බව කියන අවතැන් වූවන් පිළිබඳ ගැටළු රැසක් ඉතිරි වී තිබේ. ඇතැම් අවතැන් වූවන් යළි පදිංචි කිරීම වෙනුවට කුඩා කඳවුරුවල ගාල් කර ඇති බව ද, තවත් අවතැන් වූවන් නිසිදු පහසුකමක් නො සපයා ගම්වලට ගෙන ගොස් අතහැර ඇති බව ද වාර්තා වේ. අවතැන් වූවන් සඳහා ඇත්තේන් ම ලබා දී ඇත්තේ වියළි ආහාර ප්‍රමාණයක් සහ රු.5000ක් පමණක් බව ද වාර්තා වේ. රාජ්‍ය නො වන සංවිධානවලට ද මෙම ජනයා අතර වැඩ කිරීමට ඉඩ ලබා දී නොමැති අතර අවතැන් වූවන්ගේ ජීවිත නඟා සිටුවීම බරපතල ගැටළුවක් වී තිබේ. 

යළි පදිංචි කරන ලද පුද්ගලයන් මුහුණ දී තිබෙන ගැටළු හේතුවෙන් මේ වන විට තවමත් කඳවුරුවල ඉතිරි වී සිටින 130,000ක් පමණ අවතැන් වූවන් අතර එවැනි යළි පදිංචි කිරීම් කෙරෙහි විරෝධයක් මතු වී ඇති බව වාර්තා වේ. 


අවතැන් වූවන් දීර්ඝ කාලයක් රඳවා ගැනීමට, වන්නියේ හමුදාව ලක්ෂයක් රඳවා හමුදා පවුල් එහි පදිංචි කරවා එහි ජන විකසනය වෙනස් කිරීමට අවහ්‍ය වූ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා දැන් ජනාධිපති පොදු අපේක්ෂකයා වීමේ අටියෙන් අවතැන් වූවන් යළි පදිංචි කිරීමේ ගැටළු පිළිබඳ කතා කරමින් සිටින අතර ආණ්ඩුව ද දැන් ප්‍රශ්නයෙන් අත සෝදා ගැනීම සඳහා අවතැන් වූවන් කුමන හෝ ආකාරයකට යළි පදිංචි කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබේ.






Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා