විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න සරත්ටත් කල් ඕනැලු


(2009 නොවැම්බර් 17 - W3Lankaනිල නො වන ආරංචි මාර්ගවලින් දැන ගන්නට ලැබී ඇති පරිදි ඉදිරි ජනාධිපතිවරණයකදී විපක්ෂ පොදු අපේක්ෂකත්වය අපේක්ෂා කරන්නේ යයි කියැවෙන හිටපු හමුදාපති සරත් ෆොන්සේකා විධායක ජනාධිපති ක්‍රමය එක වර ම අහෝසි කිරීමේ කැමැත්තක් නො දක්වන අතර ඒ සඳහා  යම් කාල සීමාවක් ඉල්ලා ඇත. මෙම කාල සීමාව වසර දෙකක් විය හැකි බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමෙන් පසු ඔහුගේ දේශපාලන භූමිකාව පිළිබඳව ද සාකච්ඡා කෙරෙමින් ඇති බව වාර්තා වේ. 

ජනාධිපතිවරණයෙන් ජයගත් පසුව ඉක්‌මණින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, දාහත්වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය ක්‍රියාත්මක කර ස්‌වාධීන කොමිෂන් සභා බලාත්මක කිරීම, අවතැන් කඳවුරුවල සිටින ද්‍රවිඩ ජනතාව ඉක්‌මණින් සිය ගම්බිම්වල පදිංචි කරවීම සහ අත්අඩංගුවේ සිටින දමිළ තරුණයන් පිළිබඳ නීතිමය කටයුතු ඉක්‌මණින් සිදුකිරීම යන මූලික කොන්දේසි පිළිබඳ පොදු අපේක්‍ෂකයා එකඟ විය යුතු බවට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්‌ඩායම් නායක අනුර කුමාර දිසානායක ඊයේ (16) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.

ජවිපෙ දැනටමත් පොදු අපේක්ෂකයා ලෙස සරත් ෆොන්සේකා ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය මූලික සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ. 


සරත් ෆොන්සේකා ඊයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයෙන් විශ්‍රාම ගත් අතර සිය ඉදිරි සැලසුම් දින කීපයකින් පවසන බව ඔහු මාධ්‍යවලට පැවසීය. 


සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයේදී විපක්ෂ පොදු අපේක්ෂක බවට පත් කිරීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ පිරිසක් ද උත්සාහ කරමින් සිටිති. එහිදී ද මූලික කොන්දේසිය වී ඇත්තේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමයි.

Comments

  1. No, it is need abolish executive president system immerdiately. If Mr. Fonseka asked two year for the task, we will twice think vote for him.

    Dayaratne
    Ratmalana

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා