මගේ ජීවිතය අනතුරේ - ජ්‍යොතිර්වේදී චන්ද්‍රසිරි බංඩාර


(2009 නොවැම්බර් 20 - W3Lanka) ජනාධිපති මහින්ද රාජපක්ෂට සිදු විය හැකි ජීවිත අනතුරක් හෝ තනතුරෙන් පහ කිරීමක් හෝ පිළිබඳව අනාවැකියක් කීම නිසා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පසුව අධිකරණය විසින් නිදහස් කරන ලද ජ්‍යොතිර්වේදී චන්ද්‍රසිරි බංඩාර තම ජීවිතයට රජයෙන් හානියක් සිදු වීමට ඉඩ ඇති බව සිය කේන්ද්‍රයේ සඳහන් බව ඇමරිකාවේ වොෂිංටන් පෝස්ට් පුවත්පතට පවසා ඇත.

2012 දක්වා කාලය තුළ තමා මෙම අනතුරට මුහුණ දිය හැකි බව 48 හැවිරිදි ජ්‍යොතිර්වේදියා පවසයි.ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස සලකා ඔහු නව දිනක් සිරභාරයේ තැබීමට රජය කටයුතු කළේය.


ජනමාධ්‍යකරුවන්ගේ සිට මානුෂීය ආධාර සංවිධාන සේවකයන් දක්වා දේශපාලන විරුද්ධවාදීන් අත්අඩංගුවට ගැනීම සහ හිංසනයට ලක් කිරීම ලංකාවේ අලුත් දෙයක් නො වන බව වොෂිංටන් පෝස්ට් පවසයි.


Comments

  1. me yakanam kiyana tharamak kiyanne boru,
    issara me yaka derana TV ekata avilla anrkalith ekka tom pacha kiyala yanava

    eka sarayak me yaka SL vs NZ cricket match ekakata kalin deranata avilla Sanath Jayasuriyage grahayo gana tom pacha wagayak kiyala a graha pihitemma anuva Jayasuriya gahuvoth match eka dinanava kiwwa.

    oka mu kiyanna deyak nemi, Jayasuriyata wadunoth lankava kavadath dinanava, mun avilla jyothishaya wikunan kana gom bettak allagena hari mona hari prakasha nikuth karala janapriya venna dangalana un,

    shit

    ReplyDelete
  2. UNP එකට කහින මෝඩ සාත්ත‍්රකාරය රට ජාතියන්ත‍්රය ඉස්ස‍රහ ,රනිල් වගේ අපහසුවට පත් නොක‍ර හිගා කාපන්, නම්බුය්..

    ReplyDelete
  3. ඇත්තටම ඔබ වැරදියි,හේතුව ඔබගේ වෘත්තියට අනුව ඔබට කියන්න තිබුනේ මහින්දට වෙන අකරතැබ්බ ගැන නෙවෙයි,මහින්දගෙන් සහ ඔහුගේ පාලනයෙන් රටට සහ රට වැසියන්ට වන අකරතැබ්බ ගැනයි.මහින්ද රටට හරිම වදයක් බං.

    ReplyDelete
  4. මාධ්‍ය නිදහස තියා කේන්දර බැලීමේ නිදහසවත් නැති රටක්.........

    ReplyDelete
  5. කේන්දර හරි හෝ වැරදි විමට පුලුවන නමුත් චන්ද්‍රසිරි බංඩාර මුදල් ඉපයීම පරමාර්තය මුල් කොටගත් බොරුකාරයක් බව මගේ විශ්වාසයයි. දැන් කියා ඇති දෙය බොරු බව ඔබ විමසිල්ලෙන් හිටියොත් තේරුම් ගන්න පුලුවන් වේවි. චන්ද්‍රසිරි බංඩාර කියා ඇති දෙය සත්‍යයක් කිරිමට ඔහු යම් දෙයක් කරාවි කියා රහස් පොලිසියට පැමිනිල්ළක් ආවද දන්නෙ නෑ. අනිත් දෙය ගෙදර (රටේ )ගින්දර පිටට (පිට රටට ) දෙනින්න ඕන නෑ...ඇමරිකාව ඇතුලු විදෙස් රටවල් අපට ආදරෙයි සිතීම මෝඩ වැඩක්. කුමක් හෝ කොහේ හරි අවුලුවල තියල රටට වාසියක් කරගන්න තමයි රටම බලන්නෙ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා