‍ජෝන් හෝම්ස් එන්නේ ජනාධිපතිගෙ සහතික ගැන බලන්න


(2009 නොවැම්බර් 16 - W3Lanka) තෙදින චාරිකාවක් සඳහා හෙට ලංකාවට සැපත් වන එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සහ හදිසි සහන පිළිබඳ කණිටු ලේකම් ජෝන් හෝම්ස්ගේ චාරිකාවේ අරමුණ අවතැන් වූවන් යළි පදිංචි කිරීම හා දේශපාලන විසඳුමක් පිළිබඳව ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතීන්ට ලබා දී තිබෙන සහතික වීම් පිළිබඳ කරුණු සොයා බැලීම හා ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා බලපෑම් කිරීම බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පවසයි. 

ජනාධිපතිවරයා මෙම සහතික කිරීම් සිදු කර තිබෙන්නේ මේ වසරේදී ලංකාවේ චාරිකා කළ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන්ට හා දේශපාලන කටයුතු පිළිබඳ කණිටු ලේකම් බී. ලින් පැස්කෝටයි. 

ජෝන් හෝම්ස් අවතැන් කඳවුරුවල සිට යළි පදිංචි කරන ලද ජනයාගේ තත්වයන් නිරීක්ෂණය කිරීමට ද යාමට නියමිත ය. එසේ ම තවමත් කඳවුරුවල සිටින ජනයාගේ ගමන් බිමන් සීමා කිරීම කෙරෙහි ද ඔහුගේ අවධානය යොමු කිරීමට නියමිත බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ගේ නියෝජ්‍ය ප්‍රකාශක මාරි ඔකබේ සිකුරාදා නිව්යෝක්හිදී පැවසීය.






Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා