කොහොනට හොඳ නම් අනෙක් අයට නරකද?


(2009 නොවැම්බර් 12 - W3Lankaඕස්ට්‍රේලියා ගුවන් විදුලියේ වැඩසටහනකට සහභාගි වෙමින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන පවසන්නේ ඕස්ට්‍රේලියාවට පළා යන ලාංකිකයන් මෙරටින් තල්ලු කරන සාධකවලට වඩා ඇත්තේ ඕස්ට්‍රේලියාවට ඔව්නු ඇදී යන සාධක බවයි. 


"ඔවුන් ඇත්තෙන් ම ලංකාවෙන් පළා යන්නේ නම් යමකු ඇසිය යුත්තේ ඔව්න් සැතපුම් 22ක් ඈතින් ඇති ඉන්දියාවට පළා නො යන්නේ මන්ද යන්නයි" යි පවසන කොහොන කියන්නේ මේ මිනිසුන් ඕස්ට්‍රේලියාවට පළා යන්නේ එරට වඩා යහපත් ජීවිතයක් අපේක්ෂාවෙන් බවයි.



පාලිත කොහොන යනු මීට කලකට පෙර එසේ ඕස්ට්‍රේලියාවට ලංකාවෙන් ඇදී ගිය එරට පුරවැසියෙකි. කලක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කළ ඔහු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ හිතවත්කම නිසා ලංකාවේ විදේශ අමාත්‍යංශයේ ලේකම් ධුරයට පත් වී දේශප්‍රේමියකු බවට පත් විය.



ඉන්දුනීසියානු මුහුදු සීමාවේදී ඕස්ට්‍රේලියාව විසින් අත්අඩංගුවට ගෙන රැකවරණ ඉල්ලීම් සලකා බැලීම සඳහා ඉන්දුනීසියාවේ රැඳවීම පිණිස යවා තිබෙන, දැනට මාසයකට ආසන්න කාලයක් තිස්සේ ඕස්ට්‍රේලියානු රේගු නෞකාවෙන් බැසීම ප්‍රතික්ෂේප කරමින් සිටින ලාංකිකයන් 78දෙනා පිළිබඳව කොහොන පවසන්නේ එසේ නීති විරෝධී ලෙස එන සංක්‍රමණිකයන්ට පාඩමක් ඉගැන්වීම පිණිස ඔවුන් ලංකාවට භාර දිය යුතු බවයි.

කොහොන ආර්ථික සරණාගතයින් ලෙස හඳුන්වන මෙවැනි දුප්පත් ජනයා ලංකාවෙන් පළා යන්නේ ඔවුන් අපේක්ෂා කරන සිහින දේශය වන බටහිර තිබෙන නිදහස් ජීවිතය, ප්‍රජාතන්ත්‍රවාදී සමාජය හා ආර්ථික පරිසරය ලංකාවේ ඇති කිරීමට ආණ්ඩුව අසමත් වී ඇති හෙයිනි.


වර්තමානයේ ලංකාව පාලනය කරන ජ්‍යේෂ්ඨ දේශපාලකයන් හා නිලධාරීන් ගණනාවක් ම කොහොන වැනි වෙනත් රටවල පුරවැසිකම ලබා ගත් දේශප්‍රේමියෝ ය.

Comments

  1. මේ කාරනය ගැන අපේ ආන්ඩුවලට බැනලා ඇති පලක් නැත. බටහිර රටවල හරකෙකුට වසරකට රජයෙක් ලැබෙන සහනාදාර පමනක් තුන්වෙනි ලෝකයේ ගොවියෙකුගෙ මුලු ආදායමට වඩා වැඩිය. කර්මාන්තයේන් ධනය නිපදවන මෙ රටවල් බරපතල සහනාදාර ලබාදී, කෘශිකර්මාන්තයේ යෙදෙයී. කෘශිකාර්මික රටවල් තුන්වෙනිලෝකයේ රටවල් වීමට ප්‍රදාන හේතුව එයයී. ධනය නැති තැනක නිදහසක් ඇත්තේ නැත. ( ලංකා ආන්ඩුවේ වැරදි නැතැයී මා කියන්නේ නැත. )

    ඉතියොපියාවේ එක වසරක ධාන්‍ය අතිරික්තයක් තිබියදී, දෙවෙනි වසරේ මිනිසුන් සාගතයේන් මැරේයී. හේතුව ඇමරිකානු සහනාදාර යටතේ වවන තිරුගු සමග ඉතියෝපියානු ගොවියාට තරග කර නොහැකි නිසාය. දෙවැනි වසරේ මුදල් නැති ගොවියා, ඇමිරිකානු ආදාර යටතේ ලැබෙන තිරුගු එනකම් බලාගෙන ඉන්නේ ඉතියෝපියාවේ ගබඩා වල තිරුගු තිබියදීය. ඇමරිකානු ආදාරයටතේ ලැබෙන්නේ මුදල් නොව, ඇමරිකාවේම නිපදවූ තිරිගු පමනක් නිසා, ඉතියෝපියාවේ නිපදවූ තිරුගු විකුනාගත නොහැක. ඇමරිකානු ගොවියා නොමිලේ ඉතියෝපියාවට තිරුගු දෙන්නේ, ඇමරිකාවේ මිල ඉහලව තබා ගැනීමට සහ ඉතියෝපියාවේ ගොවිතැන කඩා වැට්ටවීමටය. සියලූම දියුනු රටවල් මේ කිරියාව කරයි.

    පාලිත කොහොන කී කතාව සාදාරනය.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා