ලංකාවේ නීති විරෝධී සංක්‍රමණිකයන් පිළිබඳ ඕස්ට්‍රේලියා විශේෂ නියෝජිතයෙක්: තව බෝට්ටු යයි: එකක් පෙරළේ, එකක් මෙහිදී ම අසු වේ
(2009 නොවැම්බර් 05 - W3Lanka) නීතිවිරෝධී ලෙස බහුදින ධීවර යාත්‍රාවකින් ඕස්ට්‍රේලියාව බලා පිටත්වීමට සූදානම්ව සිටි 40දෙනෙකුගෙන් 12දෙනෙකු එය සංවිධානය කළ පුද්ගලයා හා බහුදින යාත්‍රාව රහස් පොලීසියේ පුද්ගලයන් නීති විරෝධී ලෙස විදේශගතවීම් වැළැක්වීමේ අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගන්නා විට යාත්‍රාවේ ඩීසල් ලීටර් 6586 ක් පුරවා තිබි ඇත. මෙම කා්ර්යය මෙහෙයවූ කටුනේරිය ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් පොලිසිය මේවන විට පුළුල් ලෙස ප්‍රශ්න කරයි. ඔහු 1997 සහ 2002 වර්ෂවලදී ද මෙලෙසම නීති විරෝධී ලෙස පුද්ගලයින් රැගෙන ඕස්ට්‍රේලියාවට ගොස් ඇති බව අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් මැදිවක මහතා දිනමිණ ට කීය. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් අටදෙනෙකු මඩකළපුව පෙරියකල්ලාර් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව ද ඔහු කීය.
මේ අතර ඕස්ට්‍රේලියාව ලංකාවෙන් එරටට සිදු වන නීතිවිරෝධී සංක්‍රමණ පිළිබඳ කටයුතු කිරීම සඳහා විශේෂ නියෝජිතයකු ලෙස හිටපු මහ කොමසාරිස් ජෝන් මැකාති පත් කර ඇත. ඔහු ළඟදී ම ලංකාවට පැමිණීමට නියමිත ය.
මීට දින කීපයකට පෙර ලාංකිකයන් රැගත් එක් බෝට්ටුවක් කොකෝස් දූපත් අසල මුහුදේදී අනතුරට පත් වී අඩු තරමේ 12දෙනෙක් මිය ගියහ. බේරා ගන්නා ලද පුද්ගලයන් අතර 15 හැවිරිදි දරැවකු ද සිටින බව ඕස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා කළේය. එහෙත් ඊයේත් ලාංකික රැකවරණ සොයන්නන් 16ක් රැගත් තවත් බෝට්ටුවක් ඕස්ට්‍රේලියාවේ ඩාවින්ට උතුරෙන් පිහිටි ටිවි දූපත් ආසන්නයේදී වෙරළාරක්ෂක යාත්‍රා විසින් අත්අඩංගුවට ගෙන ක්‍රිස්මස් දූපත වෙත ගෙන යන ලදී.
මේ අතර සති තුනකට පෙර සුමාත්‍රාව සහ ක්‍රිස්මස් දූපත අතරදී අත්අඩංගුවට ගෙන ඉන්දුනීසියාව බලා එවන ලද ශ්‍රී ලාංකිකයන් 78දෙනෙකුගෙන් යුත් පිරිස තවමත් ඔවුන් රැඳී සිටින ඕෂනික් වයිකිං නම් ඕස්ට්‍රේලියානු රේගු යාත්‍රාවෙන් බැසීම ප්‍රතික්ෂේප කරමින් විරෝධය පළ කරමින් සිටිති. තම රැකවරණ ඉල්ලීම සලකා බැලීම සඳහා ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපත වෙත තමන් යවන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.
Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.