සරත්ගේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයෙන් නිකුත් කරන ලද හජ් පණිවුඩය


(2009 නොවැම්බර් 26 - W3Lanka) ජනාධිපතිවරණයේ විපක්ෂ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකාගේ ජනාධිපතිවරණ ප‍්‍රධාන සම්බන්ධීකාරක කාර්යාලය කොළම 07, අංක 3/1, රාජකීය මාවතේ ආරම්භ කර තිබේ. 


එම කාර්යාලය විසින් නොවැම්බර් 28දාට යෙදෙන හජ්ජි උත්සවය වෙනුවෙන් සරත් ෆොන්සේකාගේ පණිවුඩයක් ද නිකුත් කර තිබේ. නිල ඇඳුමෙන් සැරසුණ සරත් ෆොන්සේකාගේ රූපයක් සහිත මෙම නිවේදනයේ ඔහු අත්සන් තබා ඇත්තේ ජෙනරාල් සරත් ෆොන්සේකා,
හිටපු ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානි ලෙස වීම කැපී පෙනෙන ලක්ෂණයකි.



'උතුරු නැගෙනහිර ජීවත් වන මුස්ලිම් සහෝදරවරුන්ට නිදහසේ තම ආගමික කටයුතු ඉටු කර ගැනීමට හැකි වාතාවරණයක් ඇතිකරලීමට ආරක්‍ෂක හමුදාවන්ට හැකිවීම ගැන මම සතුටට පත් වෙමි' යි පවසන ෆොන්සේකා වරක් හජ් වන්දනාව සඳහා යමින් සිටි මුස්ලිම් බැතිමතුන්ව නැගෙනහිර දී ඝාතනය කර දැමීම මේ අවස්ථාවේ මතකයට නැඟෙන පව ද එකතු කරයි. 


මෙම ඝාතනය සම්බන්ධයෙන් ඇඟිල්ල දිගු වූ කොටි සංවිධානයේ නැගෙනහිර නායකයාව සිටි කරුණා අම්මාන් දැන් ආණ්ඩුවේ ඇමතිවරයෙකි.


'වසර 20 කට පෙර උතුරෙන් පළවා හරින ලද මුස්ලිම් සහෝදරවරුන් තවමත් සරණාගත කඳවුරුවල සිට මෙම උතුම් උත්සවය සැමරීමට සිදු වීම කණගාටුවට කරුණකි. මීළඟ හජ් උත්සවය මුස්ලිම් සහෝදරවරුන්ට
තම ගම්බිම්වලට ගොස් නිදහසේ සැමරීමට හැකි වාතාවරණයක් උදා කළ යුතු යැයි මම තරයේ විශ්වාස කරමි. ඒ සඳහා ඉදිරියේ දී ඇපකැප වී කි‍්‍රයා කිරීමට අවස්ථාව උදා වනු ඇතැයි මම විශ්වාස කරමි,' යි ද සරත් ෆොන්සේකා පවසයි. 



ඔහුගේ මෙන් ම ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ද ඡන්ද ව්‍යාපාරවලදී සුළුතර ප්‍රජාවන්‍ කෙරෙහි වැඩි අවධානයක් යොමු වීම විශේෂ ලක්ෂණයකි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා