ඉන්දුනීසියාවේ සිටින ඕස්ට්‍රේලියා යන්න ගිය ලාංකික සරණාගතයෝ නැවෙන් නො බැස සිය දිවි නසා ගන්නා බව කියති


(2009 නොවැම්බර් 04 - W3Lanka) ඕස්ටේ‍්‍රලියාව බලා යාත‍්‍රා කරමින් සිටියදී එරට නාවික හමුදාව විසින් සුමාත‍්‍රා දිවයින අසලදී දෙසතියකට පමණ පෙර අත්අඩංගුවට ගෙන ඉන්දුනීසියාව වෙත එවා තිබෙන ශ‍්‍රී ලාංකික සරණාගතයන් 78දෙනා ඔවුන් දැනට සිටින ඕෂනික් වයිකිං  ඕස්ටේ‍්‍රලියානු රේගු නෞකාවෙන් බැසීම ප‍්‍රතික්ෂේප කර වෛද්‍ය ප‍්‍රතිකාර පවා එපා කියමින්, සියදිවි නසා ගන්නා බවට තර්ජනය කරමින් තමන් ඉන්දුනීසියාවේ රැඳවීමට ගෙන ඇති තීරණයට විරෝධය පාති.

මෙම සරණාගත පිරිස දැන් ඉන්දුනීසියාව හා  ඕස්ටේ‍්‍රලියාව අතර රාජ්‍ය තාන්ත‍්‍රික ප‍්‍රශ්නයක් වී තිබේ.  ඕස්ටේ‍්‍රලියානු අගමැති කෙවින් රඩ් හා ඉන්දුනීසියානු ජනාධිපති සුසිලෝ බැන්බැන් අතර ගිවිසුමක් අනුව මෙම පිරිස ඉන්දුනීසියාවේ රඳවා ඔවුන්ගේ රැකවරණ ඉල්ලීම් සලකා බැලීමට  ඕස්ටේ‍්‍රලියාව පියවර ගෙන ඇත්තේ ඒ හරහා ඉන්දුනීසියාවේ සිරගෙවල්වල කටුක තත්වයන් හේතුවෙන් මෙවැනි සංක‍්‍රමණ අධෛර්යය කිරීමේ බලාපොරොත්තුවෙනි.

එහෙත් දැන් ඉන්දුනීසියාවෙන් ද මෙම පිරිස භාර ගැනීම ප‍්‍රතික්ෂේප වෙමින් ඇති අතර ඔවුන් භාර ගැනීමට එරෙහිව එරට උද්ඝෝෂණ ද පවතී.

එම පිරිස භාර ගැනීම ඉන්දුනීසියානු දූපත් ආණ්ඩුකාරවරයකු විසින් ප‍්‍රතික්ෂේප කරන ලදී. ඉන්දුනීසියාව සරණාගතයන් ගොඩබෑම සඳහා ඇති භූමියක් නො වන බව ඔවුන් බැස්වීම සඳහා සැලසුම් කර ඇති කිජැං වරාය පිහිටි රියාවු දූපතේ ආණ්ඩුකාර ඉස්මෙත් අබ්දුල්ලා පැවසුවේ ජනාධිපති නියෝගයක් ලැබෙන තුරු තමන් මෙම පිරිස භාර නො ගන්නා බව ද කියමිනි.

මේ වසරේ ඇෆ්ගනිස්තානය හා ලංකාව වැනි රටවලින් මෙසේ රැකවරණ සොයා බෝට්ටු 30කට වඩා  ඕස්ටේ‍්‍රලියාවට පැමැණි අතර ඇතැම් ඒවා අනතුරට පත් විය. මසකට පමණ ඉහතදී ඉන්දුනීසියාව විසින් 250ක ලාංකික පිරිසක්  ඕස්ටේ‍්‍රලියාව බලා ගමන් කරමින් තිබූ නැවක් අත්අඩංගුවට ගත්තේය.

මෙම පළා යන පිරිස් අතර එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්ත සැකකරුවන් සිටින බව ලංකාව පවසයි.


Comments

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප