‘ඉ-ඒෂියා 2009” තොරතුරු තාක්ෂණ සමුළුව හා ප්‍රදර්ශනය සදහා ආසියාවේ රටවල් 24කින් නියෝජිතයින්


(2009 නොවැම්බර් 03 - W3Lanka) ආසියාවේ විශිෂ්ඨතම තොරතුරු තාක්ෂණ සමුළුව හා ප්‍රදර්ශනය වශයෙන් සැලකෙන ‘ඉ-ඒෂියා 2009” තොරතුරු තාක්ෂණ  සමුළුව හා ප්‍රදර්ශනය සදහා ආසියාවේ රටවල් 24කින්  නියෝජිතයින් සහභාගි වීමට නියමිතය.

ලබන මස දෙවැනි දා සිට හතර වෙනිදා තෙක් කොළඔ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම සමුළුව හා ප්‍රදර්ශනය පැවැත්වේ.

දැනටමත් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නව ආකෘති පිළිබද ලේඛන දෙසීයකට වැඩි සංඛ්‍යාවක් ලොව විවිධ රට වලින් සමුළුව සදහා ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇතැයි  ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති ජනාධිපති ජේෂ්ඨ උපදේශක මහාචාර්ය පී .ඩබ්ලිව්. ඇපාසිංහ මහතා පවසයි.

ප්‍රධාන තේමා පහක් ඔස්සේ “ඉ-ඒෂියා 2009 සමුළුව” පැවැත්වේ.ඉ-රාජ්‍යය, ඩිජිටල් අධ්‍යාපන ක්‍රමවේද, නව තොරතුරු තාක්ෂණ ක්‍රමවේද, ග්‍රාමීය  තාක්ෂණ මධ්‍යස්ථාන සහ තොරතුරු තාක්ෂණයෙන් සවිබල ගැන්වුණු සෞඛ්‍යය සේවයක් එම තේමා පහයි.

සමුළුව සහ තාක්ෂණික කමිටු රැස්වීම් සදහා විශාල පිරිසක් සහභාගිවනු ඇතැයි ඉ-ඒෂියා තාක්ෂණික කමිටු සභාපති මහාචාර්ය විජය කුමාර් මහතා ප්‍රකාශ කළේය.

ලෝකයේ තොරතුරු තාක්ෂණ පුරෝගාමීන් කිහිප දෙනෙකුද කොළඹ පැවැත්වෙන සමුළුවට සහභාගි වීමට නියමිතය.

ඉ- ඒෂියා 2009 සමුළුව සදහා සහභාගිවීමට ශ්‍රී ලාංකිකයින්ටද අවස්ථාව ඇතැයි ඉ -ඒෂියා සංවිධායක කමිටුවේ සම සභාපති ජනාධිපති අතිරේක ලේකම් අචාර්ය අයි.එච්.කේ. මහානාම මහතා පෙන්වා දෙයි. 

එමෙන්ම මෙහිදී රටවල් කිහිපයක තොරතුරු තාක්ෂණ නිර්මාන හා සේවාවන් විදහා දැක්වෙන ප්‍රදර්ශන කුටිද ප්‍රදර්ශනයට ඇතුලත් වේ.

මෙම සමුළුව හා ප්‍රදර්ශනය සදහා ලියාපදිංචි කිරීම දැන් ආරම්භ වී ඇති අතර  දේශිය තොරතුරු තාක්ෂණ සමාගම් වලටද ප්‍රදර්ශන කුටි ලබා ගත හැකියැයි ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රෙෂාන් දේවපුර මහතා පවසයි.

 www. e-asia.org අන්තර්ජාල වෙබ් අඩවියෙන් හෝ ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙන්(ICTA) ද මේ පිලිබද වැඩි විස්තර ලබා ගතහැක.

Comments

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප