ජවිපෙ එජාප හා ජනරාල්වරයා ගැන කළ ප්‍රකාශ සමග ආණ්ඩුව කලබල වෙයි

(2009 ඔක්තෝබර්  16 - W3Lanka) ජාතික වගකීමකදී ජවිපෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක් වූවා සේ ම අවශ්‍ය නම් එක්සත් ජාතික පක්ෂය සමග හෝ දෙමළ ජාතික සන්ධානය සමග හෝ එක් වන්නට සූදානම් බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික හා පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ රැස්වීමකදී 13දා කළ ප්‍රකාශය හා හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකාට රට වෙනුවෙන් කිරීමට ඇති ඉතිරි කාර්යභාරය කිරීමට උදව් කිරීමට ජවිපෙ සූදානම් බව ජවිපෙ තවත් දේශපාලන මණ්ඩල සභිකයකු වන අනුර කුමාර දිසානායක පැවසීමත් සමග ආණ්ඩුව මහත් කලබලයට පත් ව ඇති බව වාර්තා වේ. 
   ඒ සමග ම දකුණු පළාත් සභා මැතිවරණයේ පරාජයෙන් පසු ජංගම දුරකථන වසා සැඟවී සිටි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශට එළියට පැමිණ වහා ජවිපෙට එරෙහිව ප්‍රහාර එල්ල කරන ලෙස මහ තැන්වලින් උපදෙස් ලැබී ඇති බව ද නිල නො වන ආරංචි මාර්ග පවසයි.  ඒ අනුව විමල් වීරවංශ ඊයේ තෝරා ගත් මාධ්‍ය සඳහා පුවත්පත් සාකච්ඡාවක් සඳහා කැඳවා එජාපයටත්, ජවිපෙටත් ප්‍රහාරයක් එල්ල කළේය.

හමුදාපති යුද හමුදාවට නොව ගැලවීමේ හමුදාවේ නායකත්වයටත් නුසුදුසුයි කී අය අද රණවිරුවන් ඉදිරියට දමා බලය ලබා ගන්නට සූදානම් වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
මෙය මෙරට දේශපාලන අනාථයන්ගේ කුමන්ත්‍රණයක් බවත් රණවිරුවන් භේද භින්න කොට ශ්‍රී ලංකාව බටහිර අධිරාජ්‍යයන්ට අවනත රටක් හැටියට තබා ගැනීම එම කුමන්ත්‍රණයේ අරමුණ බවත් වීරවංශ මහතා කියයි. (දිනමිණ, ඔක්තෝබර් 16)

   මේ අතර, ජනරාල් සරත් ෆොන්සේකාගේ දුරකථනවලට රහසින් සවන් දීමක් සිදු වෙමින් ඇති බව ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබේ. 

   ජනරාල් ෆොන්සේකාට ආණ්ඩුව ලබා දුන් ක්‍රීඩා හා විනෝද කටයුතු අමාතංශයේ ලේකම් ධුරය ඔහු තවමත් භාර ගෙන හෝ ප්‍රතික්ෂේප කර හෝ නැත. ඔහු ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන බවට පැතිර ඇති කටකතාව පිළිබදව ද ඔහු ප්‍රතිචාර දක්වා නැත.
 

Comments

  1. මේ ආණ්ඩුවට ජනරාල් සරත් ෆෝන්සේකා ගැන සැකයක් නෑ,මහින්දට සැක මහින්දවමයි.හේතුව මහින්දගේ හැකියාව ගැන මහින්දට හොඳ වැටහිමක් ඇති නිසයි.කියන්න ටිකක් ලැජ්ජයි,මහින්ද අපේ ජනාධිපති වුනාට මහින්ද මෝඩයෙක්.නැත්නම් ජිවිතේට සරත්ට මේ වගේ ගොන් බල්දි පෙරලයිද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා