කහ ඉරෙන් පාර නොපැන්නොත් දඩ


(2009 ඔක්තෝබර්  13 - W3Lanka) 1984 මෝටර් රථවාහන පනතින් සංශෝධිත 224වන වගන්තිය යටතේ මාර්ගයේ කහ ඉරි ඇඳ ඇති තැනින් පාර මාරු නොවී තම ජීවිතයට අනතුරක් ඇති විය හැකි ආකාරයට පාර පැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ඔබ දන්නවාද?


දැනට ක්‍රියාත්මක නොවන මෙම නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිසිය සූදානම් වෙමින් සිටියි. එහි එක් පියවරක් ලෙස ඊ‍යේ උදෑසන කුරුණෑගල නගරයේ සිදු කරන ලද දෙපැයක මෙහෙයුමකදී ‍නො නිසි පරිදි මාර්ගය හරහා ගිය 200ක් අත්අඩංගුවට ගෙන අවවාද කර නිදහස් කර තිබේ. වරද කර හසු වූ අයගෙන් වැඩි පිරිසක් රජයේ සේවකයන් වු බව ද කුරුණෑගල පොලිසිය පවසයි.


ලංකාවේ ජනයාට මාර්ග විනයක් ඇත්තේ ම නැති අතර, කහ ඉරි පෙනි පෙනී පාර පනින ඔවුහු පදික වේදිකාවල ඉඩ තිබියදීත් මහ පාරේ ගමන් කරති. පදික වේදිකා නැති මාර්ගවල වම් පැත්තෙන් යති. කහ ඉර උඩින් යද්දී පවා ආරක්ෂාකාරී ලෙස එය නො කරති. 

මේ වැරදිවලට දඬුවම් කළ හැකි නීති ඇති බවවත් රටේ ජනයා නො දනිති.

Comments

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා