ප්‍රභාකරන් යටත් වූ පසු වධ දී මරා දැමූ බවට පුවත රජය ප්‍රතික්ෂේප කරයි


(2009 ඔක්තෝබර්  26 - W3Lanka) කොටි සංවිධානයේ නායක වේලුපිල්ලෛ ප්‍රභාකරන් රජයේ හමුදාවලට යටත් වීමෙන් පසු වධ දී මරා දරන ලද බවට ශ්‍රී ලංකා ගාඩියන් වෙබ් අඩවිය විසින් අවසන් වෙහෙයුමෙන් බේරී රටින් පළා ගිය ප්‍රභාකරන්ගේ ශරීරාරක්ෂකයකු සහ රජයේ බුද්ධි නිලධාරීන් ඇතුළු මූලාශ්‍ර තුනක් පාදක කර ගනිමින් ලියන ලද ප්‍රවෘත්තිය රජය ප්‍රතික්ෂේප කරයි.

මේ පිළිබඳ ප්‍රංශ පුවත් සේවයට රජයේ ප්‍රකාශකයකු පවසන්නේ හමුා නිලධාරීන් යුද අපරාධ අධිකරණ වෙත ගෙන යාමේ අරමුණින් මෙම පුවත් ප්‍රබන්ධ කරන බවයි. 


කොටි නායකයා වීරයකු ලෙස මිය නො ගිය බව රජයේ හා හමුදා ප්‍රකාශකයන් වරින් වර කියා ඇති නමුදු රජය මෙන් ම කොටි සංවිධානය ද නිල වශයෙන් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රභාකරන් අවසන් සටනේදී සටන් කර මිය ගිය බවයි. හිසේ දරුණු කැපුම් තුවාලයක් සහිත ඔහුගේ සිරුර මාධ්‍ය ඔස්සේ ප්‍රදර්ශනය කරන ලදී.

Comments

  1. කොහොම මැරුණත් මොකෝ? ඌ මැරිලනෙ? ඒත් සමයරුන්ගෙ ඔලුවල නම් ඌ තවමත් ජීවත් වෙනව වගේ?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා