'තුන් සිංහලය ම නෑදෑයෝ' වුණාට රාජපක්ෂගේ 'නෑයෙක්' කීවොත් කන්න වෙන්නෙ හිර බත්


(2009 ඔක්තෝබර්  26 - W3Lanka) මෙම ඡායාරූපය හා තවත් ඡායාරූප සමග දැන් ලංකාදීප පුවත්පතේ පළ වී තිබෙන මෙම ප්‍රවෘත්තිය කියවන්න. මේ කියන පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා කර තිබෙන වරද කුමක්දැයි ඔබට තේරේද? 

මහින්ද රාජපක්ෂ ජනපතිගේ ඥාති සොහොයුරෙකියි කියමින් බණ්ඩාරවෙල වලව්වක සිටි බව කියන වීරකැටියේ ඩබ්ලිව්.එම් අමල්. ජයරත්න රාජපක්ෂ නම් පුද්ගලයෙක් ඇල්ල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටියි. ජනපති මෙන් උඩුරැවුලක් ද ඇති ඔහු කුරහන් පැහැ සාටකයක් ද පැළඳ සිටියේය. ඇල්ල පොලිසිය මොහු ගැන ජනාධිපති ආරක්ෂක අංශයට දැනම් දීමෙන් පසු අත්අඩගුවට ගෙන ඇත. පසුගිය ඡන්දයේදී බස්නාහිර පළත් සභාවට ඔහු පෙනී සිට ඇත්තේ ස්වාධීන කණ්ඩයමකින් ආචාර්ය අමල් රාජපක්ෂ නමිනි. ඒ සඳහා යොදාගත් හැඳුනුම්පතක් ද ඔහු ළඟ තිබිණි.



පුවත්පත කියන ආකාරයට නම් ඔහු කළ වරද තමන් ජනාධිපතිගේ නෑයකු බව කීම හෝ උඩු රැවුලක් තිබීම හෝ කුරහන් සාටකයක් පැළඳීම හෝ විය යුතු ය.



පිස්සු ඔහුට ද, අපට ද, ලංකාදීප පත්තරයට ද, පොලිසියට ද, රාජපක්ෂලාට ද නැතිනම් 'අපි ඔක්කොම රජවරු - ඔක්කොම වැසියෝ - තුන් සිංහලය ම නෑදෑයෝ' යයි කියන විකටර් රත්නායකටදැයි ඔබට තේරේ ද?

Comments

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා