ජී.එස්.පී. වෙනුවෙන් ලංකාව කටයුතු කරන්නේදැයි යුරෝපා සංගමය තවමත් අවදියෙන්


(2009 ඔස්තෝබර් 28 - W3Lanka) ලංකාවේ රජය ජී.එස්.පී. බදු සහන සඳහා අවශ්‍ය පරිදි මානව හිමිකම් තත්වය වර්ධනය කර ගනු ඇතැයි ඊයේ ලක්සම්බර්ග්හිදී රැස් වූ යුරෝපා සංගම් විදේශ ඇමතිවරු බලාපොරොත්තු පළ කර තිබේ. එසේ නොමැති වුවහොත් ඊළඟ පියවර ලෙස එම සහනය ඉවත් කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් ‍කෙරෙනු ඇති බව යුරෝපා සංගමය පවසයි.


දැනට යුරෝපා සංගමයේ සභාපතිත්වය දරන්නේ ස්වීඩනයයි. ලංකාව යුද අනාථයන්ට ස්වේච්ඡාවෙන් හා ගෞරවනීය ලෙස යළි ගම් බිම් කරා යාමට ඉඩ සැලැස්විය යුතු බව යුරෝපා සංගම් විදේශ ඇමති රැස්වීමේ සභාපතිත්වය හෙබවූ ස්වීඩන තානාපති කාල් බ්ලිඩ්ට් පැවසීය. 

පසුගිය අප්‍රේල් මාසයේදී ලංකාව දෙමළ කැරැළිකරුවන්ට එරෙහිව අවසන් සටන දියත් කරමින් සිටියදී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් සහ ප්‍රංශ විදේශ ඇමති බර්නාඩ් කවුච්නර් සමග එක්වීමට අපේක්ෂා කළ ස්වීඩන් විදේශ ඇමති කාල් බ්ලිඩට් හට ලංකාව විසින් වීසා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික විරසකයක් ඇති විය.  ලංකාව බ්ලිඩ්ට් හට වෙනම චාරිකාවක් සදහා ඇරැයුම් කළත් එය භාර ගැනුණේ නැත.



1980 දශකයේදී ලංකාවේ ප්‍රධානතම සංවර්ධන ආධාරකරුවකු වූ ස්වීඩනය ලංකාවේ සිය තානාපති කාර්යාලය වසා දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව 2010 මාර්තු 31දා සිට එම තානාපති කාර්යාලය වසා දැමීමට නියමිත ය.




Comments

  1. ස්විඩනය ලබා දුන්නේ නිකන් නොව නය අදාරඉ.ස්විඩන ඇමතියට රටට අතුල් නොවීමට රජය ගත් තීන්දුව ඉතා නිවරදිය එය නිවට නොවීමට ගත් තීන්ඩුවකි.ඔබ අඩන්නෙ නය ගත් නිසා රට තම අයිතිය පාවා නොඩුන්නිසද.නය ගත් පමනින් එම රටවල් කියන කියන දේ කල යුතු තරමට දීන විය යුතු නැත.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා