චන්ද්‍රිකාට විධායක ජනපති බලතල පාවිච්චි කරන්න බල කළ ජවිපෙ දැන් එය අහෝසි කරන්න යෝජනා කරනවා - චම්පික රණවක


(2009 ඔක්තෝබර්  23 - W3Lanka) "විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට ජනතා විමුක්ති පෙරමුණ කියනවා. විධායක ජනාධිපති ක්‍රමය ඇති කළේ එක්සත් ජාතික පක්ෂයයි. අද යෝජනාව ඉදිරිපත් කරන්නෙ ජ. වි. පෙ. ස්ථිර කරන්නෙ එජාපය. මෙන්න දේශපාලන අවස්ථාවාදය."

මෙසේ පවසන්නේ ජාතික හෙළ උරුමය නියෝජනය කරන ඇමති චම්පික රණවකයි. ඔහු මෙම අදහස් දැක්වූයේ ඊයේ පාර්ලිමේන්තුවේ සභාව කල් තබන අවස්ථාවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට ජවිපෙ මන්ත්‍රී විජිත හේරත් විසින් ඉද්රිපත් කරන ලද, එජාප මන්ත්‍රී ජෝසප් මයිකල් පෙරේරා විසින් ස්ථිර කරන ලද යෝජනාව පිළිබඳ විවාදයේදී ය. 


ඇමති රණවක මෙසේ ද පැවසීය. "ජනතා විමුක්ති පෙරමුණ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය සමඟ සන්ධාන ගතවුණා. මේ අය විධායක ජනාධිපති ක්‍රමය නිවැරදි ලෙස පාවිච්චි කළ යුතුය යන මතයේ සිට චන්ද්‍රිකා සමඟ ගිවිසුම් ගැහුවා. ඒ වගේ ගිවිසුම් ගහපු ජනතා විමුක්ති පෙරමුණ අද කියනව, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කියා."

2003 වසරේ නොවැම්බර් මුල එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජයේ ප්‍රධාන ඇමති තනතුරු තුනක් විධාය ජනාධිපති බලතල පාවිච්චි කරමින් පවරා ගැනීම සඳහා එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බංඩාරනායක කුමාරතුංගට බලපෑම් කළ ප්‍රධාන බලවේගය වූයේ ජවිපෙයි.ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත් වූ එජාප රජය පෙරළා දමා හදිසි මැතිවරණයකින් එක්සත් ජනතා නිදහස් සන්ධානය බලයට පත් කිරීම සඳහා ජවිපෙ පාවිච්චි කළේ විධායක ජනාධිපති බලතලයි.

Comments

  1. munge baila thama. Opposition eke inna kan oka epa kiyanawa. Andu wechcha gaman oka thiyagannawa. hemoma karanne oka. (except Jeppo..un kawada aanduwak hadannada ;) )

    Anyway my point is I believe this should not be canceled. I rather prefer to have 1 bad guy rather than having 225 bad guys control the country.

    ReplyDelete
  2. චම්-පක,අනුන්ගේ ඇහේ පොල් පරාලවලට කලින් පිස්සු බෝවෙනවද කියලා බලාගන්නවා ඔයි.

    ReplyDelete
  3. krishna ට පිස්සු බෝවෙලා පිස්සූ හරකෙක් වගේ උම්බෑ කියනවා. ප්‍රවෘත්තිය හරියට කියවල ලියන එකක් ලියනව ඕයි ගොන් කම ප්‍රදර්ශණය නොකර

    ReplyDelete
  4. අඩෝ මිගාර පොන්නයා

    ReplyDelete
  5. අඩෝ මිගාර,උඹ ඔහොම.....ඔහොම ගිහින් ජරා රජාගේ කට්ටියට පුක දිපං එතකොට උඹේ ලෙඩේ සනිප වෙයි.

    ReplyDelete
  6. චම්පික

    වැල යන පැත්තට මැස්ස ගහනවා නොකියා බොරු රැඩිකල් කතා කියල පොර වෙන්න දගලන්න එපා.
    ඔයා කවුද කියල අපි 1988 ඉදල දන්නවා.
    ඒ ගැන ජීවමාන සාක්කි තාම ඉන්නවා.
    ඔයාගේ ඇත්ත ප්‍රශ්ණය උසාවි වාර්තා වල තියෙනවනෙ.
    ඒක ගැන කල්පනා කරන්න.
    මේ රට වෙනස් කරන්න ඕන සිංහලයින්ට විතරක් ඉන්න නම් ......
    අනේ පව්

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා