විදේශ ශ්‍රමිකයන් රටට සම්පතක්: රට යැවීමේදී අතරමැදි ගැරිලි නවතනු - එ.ජා. සංවර්ධන වැඩසටහන


(2009 ඔක්තෝබර්  14 - W3Lanka) ලංකාවේ විදේශ ශ්‍රමිකයන් විසින් උපයනු ලබන ආදායම රටේ පුරවැසියන්ගේ සංඛ්‍යාවෙන් බෙදු විට ලැබෙන ඒක පුද්ගල විදේශ ශ්‍රම ආදායම මේ වන විට වසරකට එක්සත් ජනපද ඩොලර් 131ක් හෙවත් රු.14,000ක් පමණ වේ. මෙය දකුණු ආසියාතික රටවල සාමාන්‍ය අගය වූ ඩොලර් 33 මෙන් අටගුණයකි.


2008 වසරේදී පිට රටවල වැඩ කරන ලංකාවේ මිනිස්සු ඩොලර් මිලියන 2527ක හෙවත් රු. කෝටි 26,000ක ආදායමක් මෙරටට ගෙන ආහ. එය රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් 8%කි. මෙය රටේ ප්‍රධාන ම ආදායම් මාර්ගයකි.


මෙම කරුණු හෙළිදරව් කරනු ලැබුවේ එක්සත් ජනපද සංවර්ධන වැඩසටහනේ දේශීය නියෝජිත නීල් බූන් විසින් පෙරේදා 2009 මානව සංවර්ධන වාර්තාව ඉදිරිපත් කරමින් කොළඹ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ලක්ෂ්මන් කදිර්ගාමර් මධ්‍යස්ථානයේදී ය.


2008දී 252,021ක් ලාංකිකයන් විදෙස් රැකියා සඳහා නික්ම ගොස් තිබෙන අතර, එයින් බහුතරය ගෘහ සේවිකා කාන්තාවෝ වෙති. 


ශ්‍රමිකයන් පිටරට යැවීම මේ වන විට විශාල ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් වී තිබේ. ඇතැම් ඇමතිවරු පවා ශ්‍රමිකයන් පිටරට යැවීමේ ජාවාරම් පවත්වාගෙන යති. 2009 මානව සංවර්ධන වාර්තාව ශ්‍රමිකයන් පිටරට යැවීමේදී අතරමැදියන් ලබන මෙම අධික ලාභය අඩු කළ යුතු බව පෙන්වා දෙයි. සංවර්ධනය වෙමින් පවතින රටවල සිට සංවර්ධිත රටවලට එමින් සිටින අය මහ පිරිසක් නො වන අතර, එසේ පැමිණෙන අය පවා පැමිණෙන රටවල ආර්ථිකයට දායක වනවා විනා බරක් නොවනබව ද වාර්තාව පෙන්වා දෙයි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා