බැසිල් අස් වී හේමාල්ට මන්ත්‍රීකම දෙයි; ශාන් විජේලාල් දකුණු මහ ඇමති



(2009 ඔක්තෝබර්  15 - W3Lanka) දකුණු පළාත් මහ ඇමතිකමින් ශාන් විජේලාල් ද සිල්වා ඉවත් කිරීමේ අදහසකින් මාතර දිස්ත්‍රික්කයට ජනාධිපතිගේ ඥාතියකු වූ හේමාල් ගුණසේකර ඉදිරිපත් කළත්, රාජපක්ෂ අනුග්‍රහයකින් තොරව ම ශාන් විජේලාල් ගාල්ල දිස්ත්‍රික්කයෙන් වැඩි ම මනාප ලබා ගැනීමත් සමග ඔහුට මහඇමතිකම නො දි සිටීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ අර්බුදයක් ඇති කිරීමට හේතු වනු ඇතැයි බිය වී සිටින රාජපක්ෂ පාලනය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දෙන බව කියා හේමාල් ගුණසේකර ඉවත් කර මහ ඇමති ධුරය යළි ශාන් විජේලාල් සිල්වාට ම ලබා දෙන්නට යයි. 


තමන්ට පාර්ලිමේන්තු ධුරය ලැබෙන්නේ ජාතික ලැයිස්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ ඉවත් වී හෙයින් එය විශේෂයෙන් වැදගත් බව හේමාල් ගුණසේකර අද දිවයින පුවත්පතට පවසා ඇත.


ඔහු ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට ද තරග කිරීමට නියමිත ය.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා