වීදුරු කටු - කෙස් එන්නත්, ප්ලාස්ටික් සේලයින්, පිස්සු බලු එන්නත් ගැන සෞඛ්‍ය ඇමතිට බනින්නෙ ජේවීපීකාරයෝ


(2009 ඔස්තෝබර් 28 - W3Lanka) තමන්ට එරෙහිව චෝදනා කරන වෛද්‍යවරුන් ජේ.වී.පී.කාරයන් බව ද ජවිපෙ අද පවතින තත්වයට පත් කළේ තමා බව ද, පක්ෂය, අමාත්‍යංශය හා ජනාධිපති වෙනුවෙන් වගකීම් ඇති තමන්ට ජවිපෙ වෙනුවෙන් වැය කිරීමට කාලය නැති බව ද සෞඛ්‍ය ඇමති නිමල් සිරිපාල ද සිල්වා අද 'දි අයිලන්ඩ්' පුවත්පතට පවසා තිබේ.


ඔහු මෙම ප්‍රකාශය කරන අතර රට පුරා රෝහල්වලින් බාල වර්ගයේ ඖෂධ තොග පිටින් හමු වෙමින් තිබේ. ඒ අතර, සර්ප දෂ්ඨනවලදී භාවිතා කරන බාල වර්ගයේ ප්‍රතිවිෂ ඕෂධ,  වීදුරු කටු සහ කෙස් ගස් සහිත එන්නත් හා ප්ලාස්ට්ක් කැබලි සහිත සේලයින් ආදිය වේ. ඖෂධ ආනයනය කිරීමේදී ප්‍රමිතියෙන් බාල ඖෂධ මිළ දී ගෙන දැවැන්ත කොමිස් ලබා ගන්නා බවට වෘත්තීය සමිති හා ජනමාධ්‍ය සෞඛ්‍ය අමාත්‍යංශයට චෝදනා කරයි. එහෙත් ඖෂධ ගෙන්වන්නේ තමන් නොව වෛද්‍යවරුන් බව ඇමති සිරිපාල පුවත්පත්ට ප්‍රකාශ කර තිබේ. 

මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්‍ගේ සංගමය තවත් චෝදනාවක් එල්ල කරමින් පවසන්නේ රට පුරා කෙරැණු සුනඛ වන්ධ්‍යාකරණ එන්නත් කිරීම් නවතා ඇත්තේ සුනඛයන් සපා කෑ පුද්ගලයන් වෙනුවෙන් පාවිච්චි කරන එන්නත් ප්‍රමාණය 50%කින් පමණ අඩු වීම නිසා හා දැනට ගෙන්වා තිබෙන එන්නත් තොග ඉතිරි වී තිබීම නිසා ඖෂධ සමාගම්වල ඉල්ලීම මත යයි සැක බව ද වෛද්‍ය සංගමය කියයි.


ප්‍රමිතියෙන් බාල යයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරන රුබෙල්ලා එන්නත හේතුවෙන් මේ වන විට පාසල් දැරියන් දෙදෙනෙකු මිය ගොස් තිබේ. මේ අතර, රට පුරා සූකර උණ ශීඝ්‍රයෙන් පැතිරෙමින් තිබේ.

Comments

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා