දකුණු ආසියානු කලාපයේ ඇමරිකන් කරුණාව පාකිස්තානයට


(2009 ඔක්තෝබර්  16 - W3Lanka) ඉස්ලාමීය අන්තවාදීන්ට එරෙහිව සටන් කිරීම සඳහා පාකිස්තානයට ඩොලර් මිලියන 7.5 ක ආධාර පැකේජයක් ලබාදීමට ඇමරිකා එක්සත් ජනපදය ඉදිරිපත් වී තිබේ. 

මෙය එක්සත් ජනපදය දකුණු ආසියානු කලාපයේ කටයුතුවලට කරන තීරණාත්මක මැදිහත්වීමක් වන අතර කලින් මෙම කලාපයේ එක්සත් ජනපදයට හිකවත් ම රාජ්‍යය වි සිටි ශ්‍රි ලංකාව බටහිර විරෝධී ස්ථාවරයකට තල්ලු වීම හේතුවෙන් එක්සත් ජනපදය පාකිස්තානයට වැඩිපුර සමීප වෙමින් සිටින බව නිරීක්ෂණය කළ හැකි ය. 


මෙම ණය පාකිස්තානයේ ස්වාධිපත්‍යයට තර්ජනයක් නොවනු ඇති බවට සෙනෙට් සභික ජෝන් කෙරී සහ මහජන නියෝජිත හෝවඩ් බර්මන් සහතිකයක් ලබාදී ඇති බව ප්‍රංශ පුවත් සේවය පවසයි. 



පාකිස්තාන අගමැති සර්දාරි දස වසරක හමුදා පාලනය අවසන් කරමින් ප්‍රජාතන්ත්‍රවාදය යළි පිහිටුවීම සඳහා ක්‍රියා කරමින් සිටියි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා