ජනාධිපතිවරණයට එරෙහිව ජවිපෙ වීදි බසියි

(2009 ඔක්තෝබර්  26 - W3Lanka) විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට පොරොන්දු වී බලයට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂට ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීම සඳහා හිමිකමක් නැත යන පදනමින් ජනාධිපතිවරණයට විරෝධය පා දැවැන්ත පෙළපාලියක් පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ සැලසුම් කර ඇත.

හෙට (27) පස්වරුවේ බොරැල්ල කැම්බල් උද්‍යානයෙන් ඇරඹෙන මෙම පෙළපාලිය ලිප්ටන් වටරවුමෙන් අවසන් වී එහි රැස්වීමක් පැවැත්වේ. 



ඉදිරි ජනාධිපතිවරණයකදී ජවිපෙ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ගොඩනැඟෙමින් ඇති සන්ධානයට එක් නො වන බව ද, ඒ වෙනුවට විකල්ප සන්ධානයක‍් ‍ගොඩනඟන බව ද ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඊයේ පුවත්පත් සාකච්ඡාවකදී පැවසීය. හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් කිරීමේ උත්සාහයේ මූලිකත්වය දරන්නේ ද ජවිපෙයි. 


ජවිපෙ ඉදිරි ජනාධිපතිවරණයකදී පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නට යන්නේ නිශ්චිත කාල රාමුවක් තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ එකඟතාව මතයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට පොරොන්දු වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණයකදී පරාජය කරන බවට ජවිපෙ ශපථ කර ඇත.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා