ෆොන්සේකා හා වික්‍රමසිංහ පිටරටවල සිට චන්ද්‍රිකා දුරකථනවලින් කතා


(2009 ඔස්තෝබර් 28 - W3Lanka) දැනට තායිලන්තයට ගොස් සිටින එජාප හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හා දැනට එක්සත් ජනපදයේ වොෂිංටන්හි සිටින හිටපු හමුදාපති සරත් ෆොන්සේකා අතර චන්ද්‍රිකා දුරකථන ඔස්සේ සාකච්ඡාවක් සිදු වී තිබෙන බව අද ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි. 


සාමාන්‍ය පිළිවෙත අනුව කරන පරිදි අදාළ රටේ තානාපති කාර්යාලයට දැන්වීමකින් පවා තොරව තායිලන්තයට ගොස් සිටින වික්‍රමසිංහ ෆුකට් ගුවන් තොටුපළේ සිට ෆොන්සේකා සමග දුරකථනයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව එජාප ජ්‍යේෂ්ඨයන් කීප දෙනෙකුට, සුළු ජාතික දේශපාලන පක්ෂ කීපයක නායකයන්ට හා ලංකාවේ දේශපාලනයේ වැදගත් භූමිකාවක් කළ අයෙකුට දුරකථනයෙන් කතා කර ඇති බව ද ඩේලි මිරර් පවසයි.


ජනරාල් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට ආරංචි පැතිර යාමත් සමග ම ඇතැම් සුළු ජාතික දේශපාලන පක්ෂ ඒ පිළිබඳ අසුබවාදී ස්ථාවරයක හිඳිමින් ප්‍රකාශ නිකුත් කරමින් තිබිණි.

මෙම පුද්ගලයන්ගේ ලංකාවේ දුරකථනවලට රහසින් සවන් දීමේ වැඩපිලිවෙළක් ඇති බව පසුගිය දිනවල ඇතැම් ජනමාධ්‍ය විසින් වාර්තා කරන ලදී.


Comments

  1. අඩෝ රනිල් බලු වැඩ කරන්න එපා ඩෝ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා