මැතිවරණවලට ඉදිරිපත් වන අපේක්‍ෂකයන් සමග දේශපාලන කටයුතු බෑ. හමුදාපතිගෙන් සෙබළුන්ට හා නිලධාරීන්ට අනතුරු ඇඟවීමක්


(2009 ඔස්තෝබර් 30 - W3Lanka) කිසිදු හමුදා නිලධාරියකුට හෝ සෙබළකුට දේශපාලන කටයුතුවලට සම්බන්ධ වීමට අයිතියක්‌ නැති බවත්, යම් හමුදා සේවකයකු දේශපාලනයේ ක්‍රියාකාරිකයකු හෝ පක්ෂයක ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කළහොත් ඔහුට විරුද්ධව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් කරන බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය පැවැසීය. යුද හමුදා මූලස්ථානයේදී හමුදා සෙබළුන් අමතමින් හමුදාපතිවරයා එසේ කී බව දිනමිණ පුවත්පත පවසයි.

මැතිවරණවලට ඉදිරිපත් වන අපේක්‍ෂකයන් සමග දේශපාලන කටයුතුවලට සම්බන්ධ වීමට හමුදාවට අයිතියක්‌ නැති බව ඔහු පැවසූ බව දිවයින පුවත්පත වාර්තා කරයි. 


හමුදාපතිවරයා මෙම ප්‍රකාශය කර ඇත්තේ හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අදහස් කරන බවට මාධ්‍ය වාර්තා පළ වන සංදර්භයකයි. කෙසේ වෙතත්, ජනරාල්වරයා තවමත් මේ පිළිබඳව නිල වශයෙන් අදහසක් පළ කර නැත. දැනට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරය හොබවන ඒ මහතා දෙසැම්බරයේදී විශ්‍රාම යාමට අදහස් කරයි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා